28 September 2010

වදින්න ගිය හැටි සුමන සමන්


වැලි පාර දිගේ නිල් නෙළුම් අරන්
වදින්න ගිය හැටි අපි සුමන සමන්
අත් යුග පටලා ගල් පඩි නැගලා
වදින්න ගිය හැටි අපි සුමන සමන්

දෙව් රුව අභියස නෙළුම් තියා
දෙනෙත් පියා අපි පැතූ පැතුම්
සංසාරෙම වෙන් නොවී හිදින්නට
දෙනෙත් පියා අපි පැතූ පැතුම්

දෑගිලි විසිරී නෙත් යුග බොදවී
තනිවී වදිනෙමි සුමන සමන්
නොලැබෙන පැතුමක් සිතින් දරාගෙන
තනිවී වදිනෙමි සුමන සමන්

14 September 2010

වෙනස...


නොපිරුනු කළේ
දිය සැලෙනා නියාවේ,
නොලැබෙන පෙමින්
කැළඹෙයි සිත මෙමාගේ....

සත් සමුදුරින්
දිය බොන්නා නියාවේ,
දියඹුන් ගසයි
පෙම් සයුරේ ඔබ මෙමාගේ.....

11 September 2010

හසරැල්..කඳුලැල්,,


ලොවම නිදනා රාත්‍රියේ
යහන බොඳකර
මා හෙලනා කඳුලැල්,
කිසි දිනයක ඔබ
වටහා ගනු නැත
මා හෙලනා කඳුලැල්,

ඔබේ රුව දැක
දිලි දිලී ආ
මගේ සිනා හසරැල්,
මගේ දෙනෙතේ
මතු නොවේ යලි
ඒ සිනා හසරැල්,

සිනා සලමින්
තිබු දෙනයන
බොඳ කරපු කඳුලැල්,
පෙම නමින් ඔබ
ඇයිද ගත්තේ
මගෙ ලොවේ හසරැල්.....








4 September 2010

කට නිසා 2

දැරිවියි මමයි ඉන්නෙ එකම ගෙදරනෙ. කන්නෙ බොන්නෙ උයන්නෙ පිහන්නෙ බඩු ගෙනෙන්ට යන්නෙ කොයිකත් උන්දැයි මමයි එකට තමා ඉතින්. අපි ඔය උයන පිහන බඩු ගෙනෙන්ට ප්‍රධාන වසයෙන් තැන් දෙකකට යනවා. මුලින්ම යන්නෙ ASDA කියල සුපිරි මර්කැට් එකට.ඔය පාන් බටර් එතකොට ක්ෂනික ආහාර පාන අපි ගන්නෙ එතනින් තමා. එකට ගිහිල්ලා බඩු අරගෙන කරිය, අපි දෙන්න එ බඩු මල්ලත් උස්සන් යනවා බස් එකේ තවත් කඩේකට. ඒක ඇවිල්ල ලන්කාවෙ දෙමල කඩයක් ලන්කවෙ ඕනිම දෙයක් මෙතනින් ගතහැකි. කරවිල, කරවල, බටු , පතෝල, කරපින්චා, රම්පෙ, හාල් මැස්සො මෙකී, එකී, නොකී ඔය කොවුවත් අපි ගන්නෙ එතනින් තමා.

ඉතින් ඔන්න අපි දෙන්න දවසක් ගත්ත කියමුකො ඔය තැන් දෙකෙන්ම බඩු. අපි දෙන්නෙකුට තියා පස් දෙනෙකුටවත් බෑ මේ බඩු ගොඩ ගෙනියන්න ඕං. කොහොම කොහොම හරි බඩු මලු ටික පටව ගත්ත කියමුකො කෝච්චියට. ඔව් ඔව් හැන්සම් අය්ය හිටිය එකටම තමා. ඉතින් ගිහිල්ලා අපි බහින තැනින් බඩු ටික බා ගත්තා. ඒකට අපි දෙන්නට හිතන්ටවත් බෑ ඒ බඩු ටිකට කර ගහන්ට. අපොයි ඉතින් මේ අසරන කෙල්ලො දෙන්න අතින් කටින් කනින් බඩු එල්ලගෙන දැන් දුම් රිය වේදිකාව දිගේ යනවා.
අනේද කියන්නෙ අපි දෙන්නට ඉස්සරහින් යන මිටි කොට කලු මනුස්සපරානෙ දැකලා, දැරිවිගෙයි මගෙයි ඇගේ මාලු කස්තිරන් නටන්ට පටන් ගත්ත නොවැ. මාලු විතරක් නම් මදෑ,, කටත් නලියන්න ගනිපි. අයෙ මොනවද ඉතින් ඕං මගේ කට මුලින්ම අරුනා. දන්නවානේ ඉතින්,,, මේ රටෙ සින්හල තෙරෙන අය අල්පයි නොවැ

"බලාපල්ලකො අත්දෙක වන වනා යන හැටි විතරක්"

"අනේද කියන්නෙ, අපි මෙචචර මේ බඩු ගොඩක් උස්සන් යනවා. මේකා, මට අත එපා කියන්නැහේ, අත වන වන යනවා."
ඕං අපේ දැරිවි කට ස්ටාට් කොලා. මම ඉතින් දැන් ඩබල් එකේ කියවනවා.

" ගෑනු ලමයි දෙන්නෙක් බඩු කන්දරාවක් අරන් යනකොට හරි හමන් පිරිමියෙක් මෙහෙමත් අත් වන වනා යයිද? "
අපි ඉතින් දැන් ඔහොම අර බඩුත් කොහොමින් කොහොමින් හරි අරගෙන කියව කියවා යනව ඒ මනුස්පයත් අපිට ඉස්සරහින් යනවා.
ඕං ඒ අල්ල පනල්ලේ අපේ දැරිවි මේ මනුස්සයාගේ අතෙ මොකද්දෝ කොල මිටියක් තියනව දැකලා.

" මහා ලොකු දෙයක් වාගේ කොල මිටියකුත් අරන් යන හැටි විතරක්"

"හනේද කියන්නේ ඒ මදිවට පත්තරයක් කිහිල්ලේත් ගහගේන"

ඔන්න බොලේ එක සැරේම.

" දෙන්න ,,,,, මම ගෙනිහින් දෙන්න."

නමුත් ඊලඟ නිමේෂයේ ඔහු දුටුවේ කුමක්ද........................................?





වේදිකාවෙ අති බඩු මලු පමණි...................................................







3 September 2010

කට නිසා 1


ඕං දැන් මේකයි කතාව. මේ මම ඉන්නවනේ, ඊට පස්සෙ මගෙ කට තියනවනේ. අන්න ඒක අවිල්ලා........... වක්කඩක් හා සමානයි. ඉතින් මම මේ කියන්න යන්නේ මේ වක්කඩ නිසා මට වෙන සන්තෑසි ගැන.
මම ඉතින් ඉන්නේ සුද්දගෙ රටේනේ. තනි නොතනියට ඉන්නව තවත් මං වාගෙම දැරිවියක්. හැබැයි ඉතින් මගේ තරම්ම නම් කට නෑ. ඉතින් අපි දෙන්න කොහේ ගියත් එකටම තමා. කියව කියවා යනවා. අපි කියන ඒව ඉතින් සුද්දට තේරෙන එකක්ය. අපි කතා කරන්නෙ සින්හලෙන්නේ. මේක ඉතින් ලන්ඩන් කිව්වට වෙන රටවල ඈයොත් පිරිල.සුද්දො විතරක්ම නෙවෙයි.

දැං අද මම කියන සිද්දිය වෙල සැහෙන්න කල්. මෙහෙමයි, මමයි අර දැරිවියි ඔන්න දවසක් කෝච්චියෙ ගමනක් යනවා. ඉතින්, මේ රටේ නොමිලේම පත්තර බෙදා හරිනවා. අපි දෙන්නත් ඉතින් මේ පත්තරයක් ගත්ත කියවන්ට. මේ රට ඉතින් අපේ රට වාගේ සදාචාර සම්පන්න නෑ නොවැ. මෙහෙ පත්තර වල අඩ නිරුවත් පින්තූර ඔනෑ හැටි. දැන් අපි දෙන්න බලපු පත්තරෙත් මුල්ම පිටුවෙ උඩු කය නිරුවත් කාන්තා පරානෙක පින්තූරයක් තිබුනා. අයෙ ඉතින් මොකද අපි දෙනනත් පුලුවන් තරමක් විස්ලේසන, විවේචන, විචාර කොලා. මොකෝ අපි කියන එක මොකාට තේරෙනවය.
ඕං බොලේ අපි කියෙව්වට පස්සෙ මේ පත්තරේ ගත්ත අපිට ඉස්සරහ ආසනේ ඉදන් උන්නු හැන්සම් අයියා කෙනෙක්.දැන් අපි දන්නව නොව මේකෙ තියන එකයි. ඒක තියන තැනයි. මේ අයියත් දැන් පිටිපස්සෙ ඉදන් පත්තරේ පෙරලනවා.

මම : ආහ් අයියා... ඔහොම යන් ඔහොමයන්.
දැරිවි : හ්ම් හ්ම්. තව යන් තව යන්.

ඕං දැන් අයිය ඉන්නෙ අර පිටුවෙ.

මම : ඔන්න ආව ඔන්න ආව. මරු නේ....?
දැරිවි : අම්මෝ... මදිද බැලුවා.....

අපි ඉතින් ඔහේ කියවනව.

මම : ඈ බොල දැරිවි. මේකට තේරෙනවද මන්ද. මේක ටිකක් ආසියානු පාටයි.

දැන් මේ අයිය අපිට ඉස්සරහින් ඉන්නව අර පත්තරෙත් දිග ඇරගෙන.

දැරිවි : මේ අයියෙ ඔය අයියට සින්හල තේරෙනවනම් බලන්න උඩ.

මලකෙලියයි. මෙන්න මේකා හිනහ වෙවී උඩ බලනවා. කෙල්ලො දෙන්නා ගමන ගියයින් නොගියයින් ඊලග ඉස්ටේසමෙන් බැහැලා.








2 September 2010

කතා පිවිසුම.

හිරු ප්‍රභා වන මම , ඕං බ්ලොග් කෙරුවාවක් පටන් ගත්ත කියමුකෝ.මම ඉතිං ඔය පොඩි පොඩි කවි තම ලියන්නෙ. ඒත් මගෙත් තියනව නොවැ පොඩි පොඩි කතාත් , හිතුවා ඒවත් ලියුවොත් හොදය කියලා. මම ඉතින් මේ බ්ලොග් කෙරුවාවට කෝඩු කාරී. මම ලියපු කවි දැකලා මගෙ යාලුවෙක් තම මේ වැඩේ ගැන කියුවේ. ඕං උන්දැට හිස නමා ආචාර කොලා. උන්දැගෙ නම ඉදිකට්ටා හෙවත් මන්ද බුද්දික.

මම ඉතින් මෙව්වගෙ ගැජට් බැජ්ට් වැඩිය දන්නෙනෑ. අනික ඉතින් මට කම්පීතර ගැන නෑ නොවැ ඒ හැටි දැනුමක් තෙරුමක්.ඕං මට හොද හැටි කයිවාරු ගහන්ඩනං ඇහැකි.
ඉතින් මම කියන්ඩ යන්නෙත් මගේ මේ මුඛ දාතුව නිසා මට උනු වින්නැහි ගැන තමා. කොයි කවුරුත් කියවල බලල මට අදහස් දන්නන්න හොදා.
ඕං එහෙනම් හෙට සිට " කට නිසා"...
Related Posts Plugin for WordPress, Blogger...