30 November 2010

Seasons in London

හොඳටම සීතලයි. මේ අවුරුද්දෙ කලින්ම සීතල කාලෙ අවිත්. ඒ මදිවට හිමත් වැටෙන්න පටන් අරන්. තාම නොවැම්බරේ..... :( එපා වෙන්නෙ ඔන්න ඔය වෙලාවට තමා.
මගේ ලඟ තියනව මම ගිය අවුරුදුවල සීත කාලේ ගත්ත පින්තූර වගයක්. ඔන්න ඔයාලත් ගිහින් බලන්නකෝ. සීත කාලේ කීවට සීත කාලේම නෙවෙයි. මෙහෙ සෘතු වෙනස් වීම.

25 November 2010

කියා යන්න


සඳ එලිය වගේ මුදු සිනහ සැලූ
මද පවන වගේ සිත සිසිල කෙරූ
බිඟු ගීත වගේ පේම් වදන් කියු
ආදරය කොහිද ඔබ එද කියු

ගිනි පුලිඟු වගේ රුදු බැලුම් හෙලා
සුලි සුලඟ වගේ සිත සසල කලා
මහ අකුණු වගේ නෙක බැනුම් දොඩා
ආදරය කොහිද ඔබ කියූ එදා

මහ වැස්සේ නිල් කුඩේ යට හිඳ
ඔබේ උණුසුමට මාව තුරුලු කර
වැහි බිඳු පිසලා හිස පිරිමදිමින්
කියා දුන්න සෙනෙහේ
දෙව් ලොවක මිහිර මැවුනේ

නිල ගගන තරම් සාගරය තරම්
මා ඔබට පිදුව සෙනෙහේ
කෙලෙසද මේ හැටි මා රිදවන්නේ
කියා යන්න මිහිරේ
දුක නැතිද ඔබට දැනුනේ...

19 November 2010

ඕනි නෑ


මට ඕනි නෑ ඔබ දකින්නට
කිසි දිනක යලි ඔබ දකින්නට
ඔබව දුටු විට මසිත රිදෙන හින්දා

මට ඕනි නෑ ඔබ දකින්නට
ඔබේ නෙත් යුග දෙස බලන්නට
ඔබේ නෙතු මගේ නෙත්
වෙලා තිබුන හින්දා

මට ඕනි නෑ ඔබ දකින්නට
ඔබේ සුසුවඳ මට දැනෙන්නට
ඔබේ සුවඳ මගෙ සුසුම
වෙලා තිබුන හින්දා

මට ඕනි නෑ ඔබ දකින්නට
ඔබේ තොල්පෙති දෙස බලන්නට
ඔබේ තොල්පෙති මගේ උණුසුම
වෙලා තිබුන හින්දා

මට ඕනි නෑ ඔබ දකින්නට
ඔබේ උවනත දෙස බලන්නට
ඔබේ උවන මට සිපගන්න
හිතෙන හින්දා

මට ඕනි නෑ ඔබ දකින්නට
කිසිදිනෙක යලි ඔබ දකින්නට
ඔබව දුටු විට මසිත රිදෙන හින්දා
අපිට අපි තව අයිති නැති හින්දා
අපේ ප්‍රේමය බිඳ වැටුනු හින්දා

17 November 2010

බලා ඉමි......



ඈත සීතල කොදෙව්වේ
නීල දිය ඇලි දනව්වෙ
සීත මීදුම් තුරුල්ලේ
ගීත නද දෙයි කොවුල්ගේ

පාට මල් ඇත නිදැල්ලේ
රූං නංවයි බිඟුන්ගේ
තාම කොඳුරයි ඇසිල්ලේ
දෑස පසුවෙයි සෙවිල්ලේ

ප්‍රේම දලුලන වසන්තේ
ආව හැටි සිත ඉපිල්ලේ
ප්‍රේම කරනට සිතූසේ
බලා ඉමි මා කැදැල්ලේ

15 November 2010

සීතල කාලේ අවිත්

ගිය අවුරුද්දට එපිට අවුරුද්දෙ,
සීතල කාලේ හිම වැටුනම,
මතකද ඔයයි මමයි
මිදුනු විල ඉස්මත්තෙ ඉදන්
විලට ගල් ගහපු හැටි....

එතකොට ගිය අවුරුද්දේ,
ඒත් හිම වැටුනම
ඔයයි මමයි හිම බෝල ගහ ගත්තේ
මතකද ඔයාට....?

මේ අවුරුද්දෙත් සීතල කාලේ අවිත්......
ඇහුනද ඔයාට...
ම්ම්ම්ම්ම්......??????

14 November 2010

මොටද..? මොටද.. ? මොටද.. ?


කවියක් මොටද එලිසමයක්
නොමැති කොට..
තුරු හිස මොටද අතු අඟ මල්
නොමැති කොට..
නදියක් මොටද දිව යන මින්
නොමැති කොට..
මට මා මොටද මා ලඟ ඔබ
නොමැති කොට..

හසරැලි මොටද ඔබගේ පෙම
නොමැති කොට..
කවි කම මොටද අපි ගැන කවි
නොමැති කොට..
සිතිවිලි මොටද සිත මගේ මට
නොමැති කොට..
මට ඔබ මොටද මා ලඟ ඔබ
නොමැති කොට..

ප්‍රේමය මොටද පෙම් කවි ගී
නොමැති කොට..
ප්‍රේමය මොටද දුක ලඟ ඔබ
නොමැති කොට..
ප්‍රේමය මොටද රැකවරණය
නොමැති කොට..
මට ඔබ මොටද මේ කිසිවක්
නොමැති කොට..

වැලපෙනු මොටද ඔබ වැලපී
නොමැති කොට..
දුක් වෙනු මොටද ඔබ දුක් වී
නොමැති කොට..
තනි වෙනු මොටද ඔබ තනි වී
නොමැති කොට..
නොනිදනු මොටද සිහිනය නිම
නොමැති කොට..

11 November 2010

ඇයිද නාවේ..


බලා උන්න බලා උන්නා
ඔබ ඇයිද නාවේ...
මා බලන්නට ලඟින් ඉන්නට
ඔබ ඇයිද නාවේ.....

පැයෙන් පැය ඉවසලා
අන්තිමේ ඇති උනා
බලා උන්නා බලා උන්නා
ඔබ ඇයිද නාවේ..

මගේ අතින් අල්ලාන
නෙත් වලින් කොඳුරන්න
එනතුරා ඔබ මා සොයාගෙන
මා බලා උන්නා
මා බලා උන්නා
ඔබ ඇයිද නාවේ


( BTW ,Thats my teddy..... )

10 November 2010

මට බැරි හැටි..


උමතු වෙලා හිත
දුක වැඩි හින්දම.
දෙනෙත රතු වෙලා
කඳුලැලි හින්දම.
සිහින බොඳ වෙලා
රැවටුන හින්දම.
විරහ ඇති වෙලා
ආදරෙ හින්දම.


පිරිමින් සිතිවිලි
නොහඳුනනා හැටි,
ආදරේ කල සිත
තලා පෙලන හැටි,
යලි ඉපදුන ලෙස
හිනැහී යන හැටි,
ඒ ලෙස මා හට
ඉන්නට බැරි හැටි...

7 November 2010

ANTHRAX

ඕං මේ හිරු ප්‍රභා ඒ කලෙ උන්නේ 9 වසරෙ. ඒ කලෙ ඉතින් දැන් වාගේ නෙවෙයි, දඟකාර , කටකාර, හිතුවක්කාර වයස නොවැ. ගියෙ බාලිකාවකට නිසා කෙල්ලොත් අපි , කොල්ලොත් අපිම තමා.

ඔය 9 වසරෙ අපේ පන්තියෙදි මා එක්ක වරුණියවත් ටොයිලට් එකෙදි නාගත්ත ශෂීයවත් හිටියෙ නෑ.මොකෝ කීවොත්, ශශියා අපෙ ඉස්කෝලේට අවෙත් 9 වසරෙ ඔය මම උන්නු පන්තියටම තමා. උන්දැගේ ආගමනයත් හරිම අපූරු කතාවක්,(පසුවට )වරුනි හිටියෙ වෙන පන්තියක.

9 වසරෙදි ඉතින් පන්ති තිබ්බෙ කාණ්ඩ කරල. ඔය කණ්ඩායම් ක්‍රියාකාරකම් වලට පහසු වෙන්ට. අපේ කණ්ඩයමේ 7යි. මා අතුලු 3ක්ම ගුරුවරුන්ගේ ලමුන්. ටිකක් ඉතින් අවදානය වැඩියි.ඒකට මොකො අපි තමා කීකරුම.( ඉස්සරහට 'අ' දමා ගන්න. )

ඒ කලෙ ඔන්න ආවා වෛරස් එකක් ඇන්ත්‍රැක්ස් කියලා. වෙන රටවල හොදටම පැතිරිල තිබුනට මොකෝ අපේ රටෙ එහෙමට තිබ්බේ නෑ. ඒකට මොකෝ භීතිකාව තිබුනා.ඒ නිසාම පරිස්සම වැඩී. විශේෂයෙන් පාසල් හුගාක් දැනුවත් කලා.

හත් දෙනත් එක්ක දවසක් ඉතින් බොහෝම බැරැරුම්ව මේ ගැන කතා කර කර ඉන්නකොට මම ඉතාමත් කාලෝචිත , අප විසින් කල යුතුයැයි මට හැඟුනු අදහසක් මම යෝජනා කලා. කොහොමත් අපි 7 දෙනා ඉන්නෙ වට මේසයක නිසා එම යෝජනාව ඉතා ඉක්මනින්ම සාකච්චාවට අරගෙන ඒකමතිකවම ඉස්තිර කර ගත්තා. ආයේ ඉතින් කල් දමන්නේ මොටද කියල අපි අපේ වැඩ පිලිවල ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය අමුද්‍රව්‍ය එක එක්කෙනාට බෙදා දුන්න. මට ගෙනෙන්ට නියම උනේ පුලුන්.

කට්ටිය පහුවෙනිද තම තමන් භර ගත් බඩු ගෙනත් තිබුනා.

ලියුං කවර -4
A 4 කොල -4
පුළුන්
සර්ජිකල්
පං පිටි
කළු ජෙල් පෑනක්.

මේ වගේ භාර දූර කර්ය්‍යක් ලමයින් සෙරම ඉන්නකොට කල නොඅකි නිසා අපි ඉතා රහසිගතව තමා වැඩේට බැස්සේ.
එක කෙනෙක් ලියුං කවර වල අප ප්‍රදේශයේ ප්‍රධාන පිරිමි පාසල් 2 සහ ප්‍රධාන බලිකා පාසල් 2කෙහි ( අප පාසලේත් අතුලුව ) ලිපිනයන් ලියනවා.
තවත් ගොයියෙක් පුලුන්වල සර්ජිකල් තවරන අතරේ, තව එකියක් අර හිස් කොල වල හරි මැද්දේ අර භයානක වචනය ලියනව.

ANTHRAX

ඉතිරි අයට තියෙන්නේ කොලය හතරට නමල ඒ මැද්දට පුලුං සහ පිටි දමල කවර සීල් කරන්ටයි.
අම්මෝ කියල වැඩැක් නෑ. මාරම ත්‍රාස ජනක ක්‍රියාවක්.

දැන් ඉතින් කට්ටියම ඉස්කෝලේ ආවට ඉන්නේ ඉස්කෝලෙ දැන් වහයි දැන් වහයි කියල හිත හිතා. අයි ඉතින් වෛරස් එකක් තියන ලියුමක් ඉස්කෝලෙට අවහම කවුද බල බලා ඉන්නේ. සතියකුත් උනා ,,,,,,,
මුකුත් නෑ වෙනසක්,
බැරිම තැන මම අහුව අපේ අම්මගෙන්.
" අම්මේ"
" ම්ම්ම්"

" අම්මේ බැරි වෙලාවත් වෛරස් එක තියන ලියුං කවරයක් ඉස්කෝඅලෙට අවොත් මක් වෙයිද?"

" මොන මෝඩයද ලමයො, ලියුං කවර වල දාල වෛරස් එවන්නේ?"

මම ඉතින් අම්මට කීවෙ නෑ අපි වාගේ එවුන්නේ අම්මේ කියලා.

ඔහොම ඔහොම සති ගානක් ගියා. මොන සමයමක්වත් උනේ නෑ. අන්තිමට ජෙල් පෑනයි ලියුන් කවරයි සල්ලිවලට ගත්තු උන් , ගියපු සල්ලි ගැන දුක්වෙන කාලෙකුත් ආවා.

ඔය අතරේ අපේ එකෙක් උන්දැගේ අයියට ගිහින් විස්තරේ කියල.

" නෑ ,,,,,,,, ඔය අයියට කිව්වද......???"
"මොකෝ අයියා කියන්නේ?"
"පොර කොර වෙන්න අති නේද..?"
"මොකෝ බන් උනේ......???????"

............


" අයිය අහගෙන ඉදල හිටන් මට කිව්වා....""

"" "" අනේ ඕයි.... තමුසෙටත් ඔහොම බොරු කොහෙන් කටට එනවද මන්දා....
යනව, යනවා . මෙතන කෙබර අත අරින්නේ නැතුව.."" ""

"" "" ඇන්ත්‍රැක්ස්..."" ""

"" "" හික් හික් හික් .... (කෝචොක්) තමුසෙලට කොහෙද එහෙම දෙයක් හිත්න්න මොල ගෙඩියක්... ඇන්ත්‍රැක්ස් යවන්න..."" ""

" " යන්වා යනවා මෙතනින් නැතිනම් මම තමුසෙව ඇන්ත්‍රැක්ස් කරනවා..""

"""" ඇන්ත්‍රැක්ස්... හික් හික් හික්ක්ක්ක් "" ""

(මම අම්මට කියපු වග නොකියන්න තීරනය කලා.... )




















3 November 2010

ටොයිලට් නෑම


ඔන්න මම අර එකෝමත් එක කාලේක පටන් ගත්ත නොවැ කතා ලියන්නට. ඒක ඉතින් කාට කාටත් පෙනෙන පරිදි මඟ හිට්ටා. මොකෝ කීවොත් මට මේ කතා කොට කොට ඉන්ට කම්මැලියි නොවැ. ලියපු කවියක් දාන එක ලේසියි. කෝ අනික මට ඔය හැටි වෙලාවක් මම අහන්නෙ...????? වාසිටි යනවා ,, වැඩට යනවා,,, ඉතිරි කාලේ ඉතින් කොරන්නේ උයල පිහලා කාලා බීලා, නිදියන එක නොවැ. ඒ නැතත්,,, මට පෙනුන තව කාරනයක් තමා ඔය අපේ චූටි මහත්තයා, පූසො සෙට් එක , එතකොට දුමී අය්යා වගේ ලස්සනට මට බැහැ නොවැ කතා ලියන්ට.

කාරි නෑ........ මම අද ලියනවා කතාවක් , මේක කා ගැනද කියල හරියටම කිව්වොත් ,,,,, මමයි , වරුනියි, ශෂීයි ගැන. ඒ අවිල්ලා 2003 විතර අපි 10 වාසරේ.
ඔන්න මේකයි අපි තුන්දෙනා තම හොදම යලුවෝ. අදටත්..... ඉතින් අපි කන්නේ බොන්නේ පීරියඩ් කට් කරන්නේ යන්නෙ එන්නෙ සේරොම කලේ එකට.

ඉතින් දවසක් අපි ඉන්ටවල් එකට හොදට කාල එහෙම එලියට වෙල හිටියා,,, අපේ පන්ති වල්ට ටොයිලට් තිබ්බේ ටිකක් පහලට වෙන්න , 10 වසර පන්ති 7ක්ම තිබ්බේ එකම හෝල් එකේ. හැම පන්තියක්ම දන්නව ඉතින් බැරි වෙලාවත් වැරැද්දකට හිටගන්න උනොත්. මම කිව්ව වගේ ඉතින් ටොයිලට් තිබ්බේ පන්ති වලට වඩ අඩි 5,6 ක් පහලින් . පඩි පෙල් 4 විතර බැහැල තම ටොයිලට් වලට යන්න ඕනි.
ටොයිලට් ගියහමත් ලමය හිටගෙන ඉන්නකොට අපිට ඉතින් ටොයිලට් එකේ උඩ තියන පොඩි වා කවුලුවකින් ඔලුව බලාගත හැකි.

ඔන්න දවසක් ඉන්ටවල් එකේ අන්තිම මිනිත්තුවෙ අපේ ශෂීයට ටොයිලට් යන්න ඕනි උනා.ඉතින් ඔන්න මේකා ගියා කියමුකෝ. අපේ ලොකු වීරකමක් තමා ටොයිලට් ගිය එකාට උඩ ඉදන් අර වා කවුලුවලින් ගල් ගහන එක.. මමයි වරුයි ඉතින් සුපුරුදු ලෙස ශශියට ගල් ගහන කොට මගේ ටික්කි ටිකිරි මොලේට අවා පොඩි අදහසක්. ඔන්න දැන් මට පේනව අපේ මංගලික මිස් පන්තියට එනවා. මම අඩියට දෙකට පහලට බැහැලා අර ටොයිලට් එකේ දොර පිටින් ලොක් කලා. කරල හිටන් ඉතින් පන්තියට ගියා වෙන මක් කරන්නද...... අපේ එකී ටොයිලට් එක අතුලේ. ගිහිල්ල ඉතින් අයුබෝවන් කියල පොත දිග ඇර ගත්ත විතරයි මෙන්න බොලේ පල්ලෙහ පත්තෙන් මහා කෑගැහිල්ලකුත් එක්ක වතුර පාරක් උඩට විහිදෙනවා පේනවා...
මුලු පන්ති 7ම දැන් ඉතින් නැගිටලා බලනව මේ මොකද්ද මේ කියලා. බොලේ වතුර එන්නේ ටොයිලට් එකේ වා කවුලු අතරින්. ඒත් එක්කම ඉතින් මට ඉතා සුපුරුදු කට හඩකින් ඇහේනව
" මේ දොර ඇරපියව් බොලව්"
" ලහිරු...................""""""

" වරුණී ඊ ඊ ඊ........"
ඔන්න අන්තිමට ඇහෙනවා
" අනේ මිස් මේ දොර අරින්න කියන්නකෝ" කියලත් ...

ඔන්න එතකොට අපේ මංගලිකා මනාලිකා කියාපි...

" ලහිරු, ඒ ඉන්නේ ශෂී නේද..... ?? "

" ඔව් මිස්ස් ඒ වගේ නේද?"

" යන්න යන්න ගිහින් බලන්න මක් වෙලාද කියලා,, පව් දොර තද වෙලාද කොහේද?"

" ඔව් මිස් ඒ වගේ තමා."

දැන් ඔන්න ලම්යි සේරමයි මිස්ල දෙතුන් දෙනෙකුයි බලා ඉන්නව වැඩේ.

මම ඉතින් හෙමීට ගිහින් දොර ඇරියා

ශා......... බලන්න ලස්සනයි අපේ කෙල්ල .. හොදට නාලා. රතුම රතුවෙලා මම හිතන්නෙ කේන්තියට. මුලු සරුවන්ගෙම තෙමිල, සුදු ගව්ම නිකන් මේ දැන් සේදුව වගේ.කොන්ඩේත් තෙමිලා. අපු ගමන්ම මේ යොදි අහපි..

" මොන ඒකාද මේ දොර ලොක් කරපු එකා" කියල. මම ඉතින් ඔවට උත්තර නොදීම අහුල ටැප් එක කැඩුනද බන් කියලා.

" ඔව් බන් මෙක අරින්කොටම එක කැඩිල ගියා"
වෙලා තියෙන්නෙ මිස් එන නිසා හදිස්සියට ටැප් එක අරින්න ගිහින් මේකි අතින් ටැප් එක ගැලවිලා. එලියට එන්න හදනකොට ඒකත් බැරි නිසා, ටැප් එක හදන්න ට්‍රයි කරලා. එතකොට තමා අර වතුර මල අති වෙලා තියෙන්නේ.
ඔන්න ඉතින් මමයි ශෂීයි, ටැප් එක බාගෙට ස්තාන ගතකරල පන්තියට ගියා. මේකි තෙමිච්ච කිකිලි වාගේ. හිනා වෙන්නත් බෑ. අයි ඉතින් එතකොට බනින නිසා. හිනා නොවිත් බෑ.
මට මතක විදිහට නම් අපි හොස්ටල් එකට ගිහින් අපේ යලුවෙක්ගේ අදුම් ඇද ගත්ත . වෙන මක් කරන්නද. කෙල්ල හොද නිසා තරහ උනේ නෑ.

අපි ඒ කලේ නම් ලස්සන ලස්සන හීන මැව්වා. ඒත් අපි නොහිතපු විදිහට අපි තුන්දෙනා අද ඉන්න තැන් තුනක. ශෂී අපි අතර හිටිය ලස්සනම කෙල්ල. හරිම ලස්සනයි. ඒත් නොහිතපු විදිහට එයාට ගෙදරින් ගෙනාව යෝජනාවකට උසස් පෙල ඉවර උන ගමන් බදින්න උනා. මම ලන්ඩන් අවා. වරුනි කැම්පස් තේරුනා. ඒත් තෙරුනේ යාපනේට. තාම පටන්ගෙන නම් නෑ කිව්ව.

ශෂියට ඉතින් ඒ බැදපු අය්ය වැඩිය එහෙ මෙහෙ යන්න් දෙන්නෙ නෑ තනියම. මම ලන්කාවට ගියහමත් එකම එක පාරයි අපේ ගෙදර අවෙ. මට නම් තරහත් එක්ක.
මම ලන්කාවෙන් එන්න සතියක් විතර තියල කෙල්ල කත කරල කිව්ව බබෙක් හම්බෙන්න ඉන්නව කියල. මම ඇඩුවා. එකි බදින් දවසෙත් අපි තුන්දෙනා බදාගෙන හොදටම අඩුවා. ඒත් දැන් කෙල්ලට හොදයි. තාම පොඩියි කියල මට හිතුනට.

2 November 2010

සුවඳ රෝස මල....



රෝස පැහැය පිරී තියන
සුවඳ රෝස මල....
රේණු අතරෙ පැණි පිරවූ
සුවඳ රෝස මල....
කටු අතරින් උඩට ඇවිත්
පිපුන රෝස මල....
අම්මේ ඔබේ රෝස පඳුරෙ
පිපුන රෝස මල...

දුටු දුටුවන් සිත පිනවූ
හැඩැති රෝස මල...
වන බඹරුන් තුඩ නොතියූ
කැකුළු රෝස මල...
හැඩැති පැහැති සුවඳ හමන
ආඩම්බර මල...
චූටි නංඟි ඔබ අම්මගේ
පණ වැනි පොඩි මල....
Related Posts Plugin for WordPress, Blogger...