21 December 2010

ටොයිලට් කතා 2


අමුතුවෙන් අමුතුවෙන් කියන්ට දෙයක් නෑ මම කත ලියන්නේ අවාරෙටනේ......

ආය ඉතින් වහෙන් ඔරෝ ඔහෙන් වරෝ ඕනි නෑ ඔන්න කතාව...
ටොයිලට් කතාවක් උනාට මේ නෑමක් නෙවෙයි. යෑමක්.....

අපේ තත්තා අවිල්ලා මහා කලු සින්හලයෙක්.... මට අදටත් තියන ලොකුම ලොකු විසදගන බැරි උන ගැටලුවක් තමා... ඇයි අපේ අම්ම තාත්තට කැමති උනේ කියලා.හේතුව අපෙ අම්ම හොද සුදු සීදේවි කොන්ඩෙ දිගම දිග ලස්සනම ලස්සන කෙනෙක් ..... අන්න ඒකට තත්තා කලුම කලුයි... ඒ නිසා අපි ලමයි එක්කෙනෙක්වත් අම්ම වගේ ලස්සන නෑ.... තාත්ත වගේ තම ලස්සන.......ඒ වගේ කලුම නෑ තම ඉතින් එත් අම්ම වගේ සුදු නෑ... :(

අපේ තත්තට ඉන්නවා අතීජාත මිත්‍ර සේනාවක්.... නිවාඩු කාලෙට ඔය සේනාවම එනවා අපේ ගෙදර....ඒ කියන්නේ අම්පාරේ ඉදන් රත්නපුරේ එනවා... මොකො අපේ ගම අම්පාර... තාත්තට මාරු වීමක් ආ නිසා තමා අපි රත්නපුරේ ආවෙ.. අනේ 15ක් 20ක් ආවට පාඩු නෑ මොකෝ කිව්වොත් කට්ටියම එනකොට එන්නේ හාල් පොල් එහෙම අම්පාරෙන් පටව ගෙන.. සියඹලාන්ඩුව දිහාදි කොමඩු කැකිරි පිපින්ඤ්ඤා එහෙමත් අරගෙන..... බෙරගල දිහාවෙදි කැරට් බීට් ලීක්ස් අල ගෝව එහෙමත් අරගෙන. ඉතින් කට්ටියම එකතුවෙල අම්පාරෙ ඒකොනේ ඉදන් මේ කොනටත් මේ කොනේ ඉදන් ඒකොනටත් තොර තෝන්චියක් නැතිව අපේ අම්මටයි තත්තටයි කියනවා, කියන ගමන් උයනව, උයනගමන් පිරිමි උදවිය බොනවා... අපි.... කැරම් ගහනවා බූරුව හොයනවා, අන්තිමටම අම්මලට ඇන සෙට් එකක් වෙනවා....
තාත්තලාගේ බීම කොයි තරම් රෑ උනත් ඉවර වෙන්නේ නෑ... මම ආසම ඒ රෑ කාලෙට.. තාත්තලා රෑ උනහම සින්දු කියනවා අපේ තාත්තට සින්දු කියන්ට පුලුවන් මටත් පුලුවන්... ඉතින් අපි හෑමෝම සින්දුකියනවා..... නටනවා ..... හරිම විනෝදයි...මම හුගක් පරන සින්දු දැනගත්තේ තාත්තල මේ විදිහට කියනව නිසයි... අපේ තාත්ත ආසම මම තාමත් තාත්ත කියනව ඇරෙන්න වෙන කොහෙන්වත් අහල නැති සින්දුවක් තමා 'ලෝ අඩ නින්දේ මේ රෑ යමේ' කියන්නේ... පස්සේ කාලේක ඒක ඇහුවට මට ඒක ලස්සන නෑ තාත්ත කියනව තරම්.. එතකොට අපේ තාත්ත තව ආස සින්දු තමා.. එන්න මද නලේ.. පින් සිදු වන්නේ.. මූදු පතුල යට ඉදලා.... එතකොට ඔය මේ නගරය , කබාය ඉරිලා ඊට කමක් නැ, තරුද නිදන මහ රෑ,තව එයා අලුතෙන්ම කැමති උන එක තමා සේපලික මලයි සුදු පාට මීදුමයි.. ඉතින් මමත් ඒව සේරටම කැමතී..

හරි හරි ඔන්න කතාවට අවා...... ඉතින් ඔන්න මම 6 පන්තියෙ විතර ඇති. කට්ටිය ඔය කිව්ව විදිහට ඇවිල්ල රෑ ගීත සාජ්ජේත් ඉවර උනා.... පහුවෙනිද කවුරු කවුරුත් නැගිට්ට දවල්ට උයාගෙන් බෝපත් ඇල්ලේ යන්ට කියල.... වෙලාව උදේ 8.30 ට 9 විතර වෙන්ට ඇති... අපේ තාත්තගේ නියපොතු කෑමට අමතරව තියන තව පුරුද්දක් තමා ටොයිලට් එක බදු ගැනීම,, එයාට වෙන කරන්ට යමක් නැතිනම් ඉතින් ටොයිලට් එකෙන් එලියට එන්ට අඩුම ගානේ වි45 යනවා... මක්කා.... කොරනවද මන්ද අතුලේ...ඒ ජානම නිසාද මන්ද පේ අයියත් එහෙමයි... ගෙදර ටොයිලට් දෙක තුනක් තියන නිස හොදා...
ඔන්න ඉතින් වෙනද වගේ තාත්තා ටොයිලට් ගියා.. යනකොට මට මතකයි අපේ අම්මා හිනා උනා අනේ බන් අද බෝපත් ඇල්ලේ යන්ට වෙන්නේ හවසට තමා... කියලා....
ඉතින් දැන් කට්ටිය ගජරාමේට කපනවා රහිනවා... කොටනවාතෙලට දානවා ඔතනවා.. කොටින්ම කට්ටියම උයනවා.... එතකොට අපි පොඩි ඈයෝ නාන්ට යන්ට තතනනවා.. කොලු බට්ටො ටික තම තමන් පීනන්ට දන්න ආකාරය එතකොට සැරට මූනට වතුර විදිනාකාරය ගැන එහෙම කියනවා...

මම අහන් ඉන්නවා ඒ අතරේ,,,
" කෝ දූ තාත්තා,,"

"ටොයිලට් එකේ"

" තාම"

ඒ පාර එම පැනයම අම්මගෙන්

" කෝ සන්ධයා අක්කේ කුලේ.."

"ඇයි ඒ පැත්තේ නැද්ද.... හරි හරි අපි උඅයල ඉවරයි ... මේව හිමිහිට වෑන් එකට දාමු ගාමිනි.. දැන් 12 කිට්ටුයි.. පිටත් වෙන්ට හිටියේ 10.30.."

"කුලසිරි ඒ පැත්තේ නෑ මම හිතුවෙ කට්ටියත් එක්ක උයනව කියලා...... කුලේ...... කුලේ......... කෝ කතාකරන්නේත් නැ"

ඔන දැන් කට්ටිය තාත්තව හොයනව.... තාත්ත නෑ.... ඔන්න කව්දෝ ජගතේක් හොයාගේන් අපේ තාත්තා තාමත් ටොයිලට් එක කියලා... පැය2ක් 3ක් වෙන්ට ඇති.... කට්ටියම දැන් දොරට තඩි බානව ම්ම්ම්ම්හ මොනම සද්දයක්වත් නෑ...

කට්ටිය හොදටම බය වෙලා අන්තිමට එලියට ඇවිත් බාත්‍රූම් එකෙ ජනේලෙ ලගට ඉනිමග තිබ්බා.... හැමෝම තක්බීර් වෙලා....
තාත්තට මොනාහරි වෙලා ... එකයි කිසිම සද්දයක් නැත්තේ... කුමාරි ඇන්ටි අඩන්න වගේ..
මම හොදටම බය උනා කලු උනත් තාත්ත මගේ....ඉනිමග තියලා ගාමිනි මාම එකේ නැගල ජනේලෙ බින්දා ඒත් එයා ඇතුලවත් බලන්නේ නැතුව බිමට බැස්සා...

"අනේ මට නම් බලන්න බෑ සන්ධයා කුලේ කොමඩ් එකේ ඉන්නව වගේ"

අපේ අම්ම බල බලා උන්නේ නෑ නැග්ග ඉනිමග දිගේ

"ඒයි.......... ඒයි......." (ඒ දෙන්නට දෙන්න ඒයිලනේ..)

බිම ඉන්න අය සේරම තක්බීර් වෙලා උඩ බලන් ඉන්නවා.... ඇයි තාත්ත කතා නොකරන්නේ මටත් නගින්ට තිබ්බේ ඉනිමග දිගේ

"ඒයී...... කතා කරන්නකො ඒයි"

අම්මට ඉවසීම පැනලද කොහේද.... ජනේල් පඩිය උඩ තිබුන හාපිc බෝතලේන් තාත්තට ගැහුවා........ ඔන්න එතකොට ටොයිලට් එකෙන් සද්දයක් ආවා...

" හ්හ්ම් ම්ම්හ් ඇයි ඇයි... ම්ම්හ්......... හරි හරි.. නැගිටින්නම් නැගිටින්නම්...ම්ම්ම්හ් හ්හ්ම්ම්ම්...... හරි හරි..... නැගිට්ට නැගිට්ට.... ම්ම්හ්... ම්..හ්ම්ම්ම්හ්.."

"ඇයි මනුස්සයෝ අපි බය උන තරම්ක්.."

" ම්ම්හ් හ්හ්ම්ම් හරි හරි ඔන්න නැගිට්ට... නිදිමතයි අප්පා....."

අපේ අම්මා අඩි දෙකෙන් බිමට බැහැල වටේ පිටේ විස්සෝප වෙලා බලා හිටි හැමෝටම ඇහේන්න මෙන්න මෙහෙම කිව්ව ..

" කුලේට කොමඩ් එක උඩම නින්ද ගිහින්.......... ගාමිනී.. ජනේලෙට වීදුරුවක් දාන්ට වෙයි..."

මේක අවිල්ල ටොයිලට් එකේ නින්ද යෑම පිලිබන්ද කතාවකි.







13 December 2010

ගැඹුරුම තැන


බොහෝ කාලෙකින් කවි නොලී හින්දම
මගෙ හිතත් පාලුවෙන් හින්දම
අපේ ආදරේ ගැඹුරුම තැන ගැන
ලියන්නට යමි පන්හිඳෙන් මම

කොහේද කොතැනද නොපෙනුනත් එය
දෙසිත අපෙ ඒ ගැඹුරේ ගිලී ඇත
වෙන් නොවෙන සේ සිත් වෙලී ඇත
ගලක වූ කැටයමක් විලසින

කිසිවෙකුගේ නෙත් යා නොවන හින්දම
ඒ ගැඹුර පිවිතුරුය පුන් සඳක් වාගෙම
කිසිම දෑතක් නොගැටෙන හින්දම
ඒ ගැඹුර පැහැදිලිය නිල් විලක් වාගේම

ගැඹුරු වූ අප ආදර විලේ
ප්‍රේමයේ සියපත් පිපේ
ආදරෙන් බැදි අප ජීවිතේ
එසුවඳින් මිහිරි වේ..

Related Posts Plugin for WordPress, Blogger...