25 November 2011

මට මගේ ලඟ ඔබ තරම් නෑ.....




නුඹ ඇවිත් මගේ සිත හොරාගෙන
කවි ලියන්නට බැරි වෙලා මට...
ඒත් කම් නෑ අනේ මට නම්
මගේ අසලම ඔබ හිඳීනම්,

අඳුරෙ තනි වුනු කිරිල්ලිය මම
මට එලිය දුන් සරා සඳ ඔබ
මගේ ගීතය මම ගයන්නම්
එය අසන්නට ඔබ හිඳී නම්,

කවියකින් මට ලියන්නට බෑ,
ආදරේකට කවිය ඉඩ නෑ,
ලොවම නැති උනත් හිතට දුක නෑ
මට මගේ ලඟ ඔබ තරම් නෑ......

20 August 2011

මල සහ සඳ




සඳ නැගෙන තුරු අහස් තලයට
මලක් පිබිදී ඇත බලා,
නුබ පුරාවට හඳ පෑවුවට
සඳට කම්නැත මල දිහා......

සඳ ඇවිත් හෙමි හෙමින් අහසට
තරු එක්ක දඟකර සිනා,
හනික බැසයයි තරුත් එක්කම
සඳට නැහැ මල ගැන වෙලා....

නෙතු කඳුළු විත් මලේ පෙති මත
සැළී දිළිසෙයි සඳ නිසා,
ඉකිබිඳින මල සඳට නෑසෙයි
සඳට කඳුලද පිනි නිසා...

හිතට රිදුනද කඳුළු පිරුනද
මලේ නෙතු ඇත සඳ අරා,
කිසිම දිනකදි නොබැලුවත් සඳ
මල හිඳී අහසම බලා.....

17 August 2011

ඔබ එනතුරු,




හිතට දැනෙන දුක නිවනා
මගේ පන්හිඳ වියලුනාම
කොහෙදෝ සිට ඔබ ඇවිදින්
මට පෙම් පන්හිඳක් දුන්න
මගේ සපුමල ඒ පන්හිඳ
කවි පබඳී ඔබේ ගැනම,

ඔබ ඇවිදින් ගියපු විටදි
සිත පාලුයි දරනු නොහැකි
මගෙ සපුමල ඔබේ සුවඳ
මගේ ලඟින් තියා යන්න
මගෙ තනියනට මගේ ලඟින්
ඔබ එනතුරු බලා ඉන්න.....

හොරෙන් හොරෙන් නිතර බලන
ඉදල හිටල කතාකරන
මගේ සපුමල ඔය නෙත් වල
කැළ්ම බිඳක් තියා යන්න
ඔබ එනතුරු ඒ කැළ්මෙන්
මට පුලුවනි මඟ බලන්න...

ඔබේ ලඟින් හිඳින විටදි
මෙමට දැනෙන සුසුම් රැල්ල
මගෙ සපුමල එහි උනුසුම
මගෙ උවනේ තවරා යන්න
ඔබ එනතුරු මේ සීතල
ඒ සුසුමින් වලකගන්න...

20 April 2011

ගීතයක්....


දුක හිතෙන කවි ලියන්න
තව ඕනි නෑ මට,
ඔයා ලඟ ඉන්නකම්,
ජීවිතය මගෙ ගීතයක්,,,

අරුත් රැදි පද වැල් ගෙතුන
මිහිර රැදි තනු වැල් එතුන
ඔබ මා හා එක්ව ගයන
ලස්සනම ලස්සන ගීතයක්...

4 April 2011

කියන්න ......




සීත සඳ කිරණ
මගෙ ලොවේ අතුරන්න
කියන්න සදවත
කොහෙ සිටද ඔබ අවේ....

එළිය උන මගෙ ලොවට
පෙම් සුවඳ තවරන්න
කියන්න සපුමල
කොහෙ සිටද ඔබ අවේ....

මිලින දෙතොල් මගෙ
උණුසුමින් පුබුදන්න
කියන්න පෙම්වත
කොහෙ සිටද ඔබ අවේ....

දඟකරන ඇස් වලින්
හොරෙන් දොඩමලු වෙන්න
කියන්න තරු ඇස
කොහෙ සිටද ඔබ අවේ....

කොහේ දෝ සිට ඇවිත්
හදවතේ මගෙ ලැඟුම් ගෙන ඔබ
කියන්න මගෙ සඳ
ආදරෙයිද මට...????

9 February 2011

වසන්තේ


අඳුරු සීතල සමය නිමවී
උදා වෙයි නව වසන්තේ
සිතුම් ලියලන හැඟුම් පුබුදන
සුපෙම්බර වූ වසන්තේ

සියොත් කැළ පෙමින් බැඳෙනා
ගීත ගයනා වසන්තේ
සුපෙම් මල් තැනින් තැන
පිපී හිනැහෙන වසන්තේ

මගෙත් ඔබගෙත් ප්‍රේම ලෝකෙට
ළහිරු නැඟෙනා වසන්තේ
එ'හිරු කිරණින් පිපී සපුමල්
සුවඳ හමනා වසන්තේ

දෑත් යුග පටලවා අනන්තය වෙන තුරා
ඇවිද යමු අපි වසන්තේ
දුක් සුසුම් නැති අපේ ලෝකෙට
සිනා ගෙනෙනා වසන්තේ

3 February 2011

ඔබට පිදුව මල....


ඈත ඉදන් මම
දුරක් ගෙවාගෙන
සුවඳ පතා ඔබෙ
සොයාන ආවම,
මුවින් සිනාසී
නෙතින් කතාකර
ආදර සිතුවිලි
පුබුදන අන්දම

අඟුලු දමා තිබු
ආදර පුදසුන
සෙමින් විවර කර
ඔබට පුදන්නෙමි,
දෙවොල ඔබෙයි
මා ඔබට පිදුව මල....

28 January 2011

මම ඉන්නෙමී




ඔබෙ සුසුම් මා කොපුලත වැදී
උණුසුමත් සුවඳත් තවරා යතී
ඔබෙ දෙනෙත් සර මා නෙත වැදී
ආදරය ගැන පවසතී
මේ රැය ගෙවන්නේ කෙළෙසදෝ මා
ඔබේ මතකය හද ඇතී
ඔබ ගැනම සිත විමසතී

හෙට නැඟෙන හිරු පමා ඇයිදෝ
මගේ සිත තැවුලෙනී
හෙට ඔබව හමුවේවිදෝ
මගේ සිත පැතුමකී
මගෙ අඳුරු ලොව ලහිරු ඔබදැයි
මගේ සිත විමසතී
මගෙ ලොවට ඔබ එලිය දෙනකම්
නෙතු අයා මම ඉන්නෙමී
එනතුරා ඔබ ඉන්නෙමී

21 January 2011

ආදරය පුදන්නම් මහමෙර සේ ලඟින් හිදින්නම් හිරු සඳු සේ


මහ රැයක් වගේ මා අඳුරුයි නම්
සඳ එලිය වගේ ඔබ නුදුරුයි නම්
විල් දියේ පිපුන මා නෙලුමක් නම්
මා වටා රඟන බඹරිඳු ඔබ නම්
ආදරය පුදන්නම් මහමෙර සේ
ලඟින් ඉදින්නම් හිරු සඳු සේ

සඳ එලිය වගේ ඔබ නුදුරුයි නම්
අමාවකට බැස නොයනවනම්
මා වට රඟන බඹරිඳු ඔබ නම්
ඔය තුඩඟින් මට නොරිදයි නම්
ආදරය පුදන්නම් මහමෙර සේ
ලඟින් හිදින්නම් හිරු සඳු සේ

සිතින් ගතින් මට නුදුරුයි නම්
දෙනෙත් දෙතොල් මට නුදුරුයි නම්
සසර පුරාවට ඔබ මගේම නම්
ආදරය පුදන්නම් මහමෙර සේ
ලඟින් හිදින්නම් හිරු සඳු සේ

20 January 2011

මගේ තනියට


ඔබ ඇවිත් යන්න එන්න
තව එකම එක වරක්
මට සිනා නඟා යන්න
එන්න තව වරක්..

මුදු සුලඟ ඇවිත් ඔබෙ සුවඳින්
මා හද පුරවයි
ඔබ ලඟින් සිටින විට දැනෙනා
සපුමල් සුවඳයි..

රෑ අඳුර මැදින් ඔබ විත් මගේ
ලොවම එලිය කර
තව එකම එක වරක් ඇවිදින්
යන්න සඳවත

මගේ සිත් මල පෙති විහිදා
පිපේවි එතකොට
ඒ සිත් මල මගේ තනියට
ඉදීවි සදහට
මගේ ලඟින් මතක සුවඳ
තියේවි සදහට...

Related Posts Plugin for WordPress, Blogger...