28 January 2011

මම ඉන්නෙමී




ඔබෙ සුසුම් මා කොපුලත වැදී
උණුසුමත් සුවඳත් තවරා යතී
ඔබෙ දෙනෙත් සර මා නෙත වැදී
ආදරය ගැන පවසතී
මේ රැය ගෙවන්නේ කෙළෙසදෝ මා
ඔබේ මතකය හද ඇතී
ඔබ ගැනම සිත විමසතී

හෙට නැඟෙන හිරු පමා ඇයිදෝ
මගේ සිත තැවුලෙනී
හෙට ඔබව හමුවේවිදෝ
මගේ සිත පැතුමකී
මගෙ අඳුරු ලොව ලහිරු ඔබදැයි
මගේ සිත විමසතී
මගෙ ලොවට ඔබ එලිය දෙනකම්
නෙතු අයා මම ඉන්නෙමී
එනතුරා ඔබ ඉන්නෙමී

21 January 2011

ආදරය පුදන්නම් මහමෙර සේ ලඟින් හිදින්නම් හිරු සඳු සේ


මහ රැයක් වගේ මා අඳුරුයි නම්
සඳ එලිය වගේ ඔබ නුදුරුයි නම්
විල් දියේ පිපුන මා නෙලුමක් නම්
මා වටා රඟන බඹරිඳු ඔබ නම්
ආදරය පුදන්නම් මහමෙර සේ
ලඟින් ඉදින්නම් හිරු සඳු සේ

සඳ එලිය වගේ ඔබ නුදුරුයි නම්
අමාවකට බැස නොයනවනම්
මා වට රඟන බඹරිඳු ඔබ නම්
ඔය තුඩඟින් මට නොරිදයි නම්
ආදරය පුදන්නම් මහමෙර සේ
ලඟින් හිදින්නම් හිරු සඳු සේ

සිතින් ගතින් මට නුදුරුයි නම්
දෙනෙත් දෙතොල් මට නුදුරුයි නම්
සසර පුරාවට ඔබ මගේම නම්
ආදරය පුදන්නම් මහමෙර සේ
ලඟින් හිදින්නම් හිරු සඳු සේ

20 January 2011

මගේ තනියට


ඔබ ඇවිත් යන්න එන්න
තව එකම එක වරක්
මට සිනා නඟා යන්න
එන්න තව වරක්..

මුදු සුලඟ ඇවිත් ඔබෙ සුවඳින්
මා හද පුරවයි
ඔබ ලඟින් සිටින විට දැනෙනා
සපුමල් සුවඳයි..

රෑ අඳුර මැදින් ඔබ විත් මගේ
ලොවම එලිය කර
තව එකම එක වරක් ඇවිදින්
යන්න සඳවත

මගේ සිත් මල පෙති විහිදා
පිපේවි එතකොට
ඒ සිත් මල මගේ තනියට
ඉදීවි සදහට
මගේ ලඟින් මතක සුවඳ
තියේවි සදහට...

Related Posts Plugin for WordPress, Blogger...