9 February 2011

වසන්තේ


අඳුරු සීතල සමය නිමවී
උදා වෙයි නව වසන්තේ
සිතුම් ලියලන හැඟුම් පුබුදන
සුපෙම්බර වූ වසන්තේ

සියොත් කැළ පෙමින් බැඳෙනා
ගීත ගයනා වසන්තේ
සුපෙම් මල් තැනින් තැන
පිපී හිනැහෙන වසන්තේ

මගෙත් ඔබගෙත් ප්‍රේම ලෝකෙට
ළහිරු නැඟෙනා වසන්තේ
එ'හිරු කිරණින් පිපී සපුමල්
සුවඳ හමනා වසන්තේ

දෑත් යුග පටලවා අනන්තය වෙන තුරා
ඇවිද යමු අපි වසන්තේ
දුක් සුසුම් නැති අපේ ලෝකෙට
සිනා ගෙනෙනා වසන්තේ

3 February 2011

ඔබට පිදුව මල....


ඈත ඉදන් මම
දුරක් ගෙවාගෙන
සුවඳ පතා ඔබෙ
සොයාන ආවම,
මුවින් සිනාසී
නෙතින් කතාකර
ආදර සිතුවිලි
පුබුදන අන්දම

අඟුලු දමා තිබු
ආදර පුදසුන
සෙමින් විවර කර
ඔබට පුදන්නෙමි,
දෙවොල ඔබෙයි
මා ඔබට පිදුව මල....

Related Posts Plugin for WordPress, Blogger...