මල සහ සඳ




සඳ නැගෙන තුරු අහස් තලයට
මලක් පිබිදී ඇත බලා,
නුබ පුරාවට හඳ පෑවුවට
සඳට කම්නැත මල දිහා......

සඳ ඇවිත් හෙමි හෙමින් අහසට
තරු එක්ක දඟකර සිනා,
හනික බැසයයි තරුත් එක්කම
සඳට නැහැ මල ගැන වෙලා....

නෙතු කඳුළු විත් මලේ පෙති මත
සැළී දිළිසෙයි සඳ නිසා,
ඉකිබිඳින මල සඳට නෑසෙයි
සඳට කඳුලද පිනි නිසා...

හිතට රිදුනද කඳුළු පිරුනද
මලේ නෙතු ඇත සඳ අරා,
කිසිම දිනකදි නොබැලුවත් සඳ
මල හිඳී අහසම බලා.....

ඔබ එනතුරු,




හිතට දැනෙන දුක නිවනා
මගේ පන්හිඳ වියලුනාම
කොහෙදෝ සිට ඔබ ඇවිදින්
මට පෙම් පන්හිඳක් දුන්න
මගේ සපුමල ඒ පන්හිඳ
කවි පබඳී ඔබේ ගැනම,

ඔබ ඇවිදින් ගියපු විටදි
සිත පාලුයි දරනු නොහැකි
මගෙ සපුමල ඔබේ සුවඳ
මගේ ලඟින් තියා යන්න
මගෙ තනියනට මගේ ලඟින්
ඔබ එනතුරු බලා ඉන්න.....

හොරෙන් හොරෙන් නිතර බලන
ඉදල හිටල කතාකරන
මගේ සපුමල ඔය නෙත් වල
කැළ්ම බිඳක් තියා යන්න
ඔබ එනතුරු ඒ කැළ්මෙන්
මට පුලුවනි මඟ බලන්න...

ඔබේ ලඟින් හිඳින විටදි
මෙමට දැනෙන සුසුම් රැල්ල
මගෙ සපුමල එහි උනුසුම
මගෙ උවනේ තවරා යන්න
ඔබ එනතුරු මේ සීතල
ඒ සුසුමින් වලකගන්න...

Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...