20 August 2012

ඔබ ගියදා......

















ඈත ඔබ දුර ඈත ගියදා
මගේ සිත ගිනි ලොවක දැවුනා,
නිවාගන්නට බැරිව තනිකම
කඳුල ගින්නට පාර කිව්වා.......

මහ රෑක සඳ පෑයු දිනකදි
සඳට මම මගේ දුකම කිව්වා,
සීත පවනට ඔබ සොයාගෙන
ඔබෙ සුවඳ ගෙන එන්න කිව්වා.....

විඩාබර මගෙ දෑස් වැසුවෙමි
සිහිනයක් වී ඔබම පෙනුනා,
දින ඉගිල්ලුනි ඔබ උන්නු කල
ඒත් ඇයි දැන් හෙමින් සිතුනා...........
Related Posts Plugin for WordPress, Blogger...