15 January 2013

ඔබ එය දන්නවාද නොදනී....




හිරු සඳු එළිය ගත්තෙ ඔබෙනී
බඹරුන් පාර ඇසුවෙ ඔබෙනී
සියොතුන් ගීත ගත්තෙ ඔබෙනී
ඔබ එය දන්නවාද නොදනී.........

තරු වල සිසිල ඔබෙන් ලැබුනී
මල් වල සුවඳ ඔබෙන් ලැබුනී
නෙතකට නින්ද ඔබෙන් ලැබුනී
ඔබ එය දන්නවාද නොදනී..........

මුලු ලොව එරෙහි වෙලා පෙනුනී
සසරම දුකක් ලෙසට දැනුනී
කඳුලට නිමක් නොමැති ලෙසිනී
ඔබ එය දන්නවාද නොදනී
ඉන්නේ කෙළෙස දුකක් නොදැනී
මා හට වටහ ගන්න නොහැකී.........

14 January 2013

මිරිඟුවකි


ආදරය මිරිඟුවකි,
සිතක් නෑ මට ලුහුබඳින්නට
දුකක් විතරයි තවත්,
සිසිල් දිය නෑ මගේ පවසට
උමතු වූවන් දකින්නෙමි මම
ලුහු බැන්ඳ නොනැවතී ආදරේ මිරිඟුවම
මියෙන්නෙමි මම පිපාසෙන්,
යෙහෙකි මිඟුවට වඩා එය

Related Posts Plugin for WordPress, Blogger...