4 September 2010

කට නිසා 2

දැරිවියි මමයි ඉන්නෙ එකම ගෙදරනෙ. කන්නෙ බොන්නෙ උයන්නෙ පිහන්නෙ බඩු ගෙනෙන්ට යන්නෙ කොයිකත් උන්දැයි මමයි එකට තමා ඉතින්. අපි ඔය උයන පිහන බඩු ගෙනෙන්ට ප්‍රධාන වසයෙන් තැන් දෙකකට යනවා. මුලින්ම යන්නෙ ASDA කියල සුපිරි මර්කැට් එකට.ඔය පාන් බටර් එතකොට ක්ෂනික ආහාර පාන අපි ගන්නෙ එතනින් තමා. එකට ගිහිල්ලා බඩු අරගෙන කරිය, අපි දෙන්න එ බඩු මල්ලත් උස්සන් යනවා බස් එකේ තවත් කඩේකට. ඒක ඇවිල්ල ලන්කාවෙ දෙමල කඩයක් ලන්කවෙ ඕනිම දෙයක් මෙතනින් ගතහැකි. කරවිල, කරවල, බටු , පතෝල, කරපින්චා, රම්පෙ, හාල් මැස්සො මෙකී, එකී, නොකී ඔය කොවුවත් අපි ගන්නෙ එතනින් තමා.

ඉතින් ඔන්න අපි දෙන්න දවසක් ගත්ත කියමුකො ඔය තැන් දෙකෙන්ම බඩු. අපි දෙන්නෙකුට තියා පස් දෙනෙකුටවත් බෑ මේ බඩු ගොඩ ගෙනියන්න ඕං. කොහොම කොහොම හරි බඩු මලු ටික පටව ගත්ත කියමුකො කෝච්චියට. ඔව් ඔව් හැන්සම් අය්ය හිටිය එකටම තමා. ඉතින් ගිහිල්ලා අපි බහින තැනින් බඩු ටික බා ගත්තා. ඒකට අපි දෙන්නට හිතන්ටවත් බෑ ඒ බඩු ටිකට කර ගහන්ට. අපොයි ඉතින් මේ අසරන කෙල්ලො දෙන්න අතින් කටින් කනින් බඩු එල්ලගෙන දැන් දුම් රිය වේදිකාව දිගේ යනවා.
අනේද කියන්නෙ අපි දෙන්නට ඉස්සරහින් යන මිටි කොට කලු මනුස්සපරානෙ දැකලා, දැරිවිගෙයි මගෙයි ඇගේ මාලු කස්තිරන් නටන්ට පටන් ගත්ත නොවැ. මාලු විතරක් නම් මදෑ,, කටත් නලියන්න ගනිපි. අයෙ මොනවද ඉතින් ඕං මගේ කට මුලින්ම අරුනා. දන්නවානේ ඉතින්,,, මේ රටෙ සින්හල තෙරෙන අය අල්පයි නොවැ

"බලාපල්ලකො අත්දෙක වන වනා යන හැටි විතරක්"

"අනේද කියන්නෙ, අපි මෙචචර මේ බඩු ගොඩක් උස්සන් යනවා. මේකා, මට අත එපා කියන්නැහේ, අත වන වන යනවා."
ඕං අපේ දැරිවි කට ස්ටාට් කොලා. මම ඉතින් දැන් ඩබල් එකේ කියවනවා.

" ගෑනු ලමයි දෙන්නෙක් බඩු කන්දරාවක් අරන් යනකොට හරි හමන් පිරිමියෙක් මෙහෙමත් අත් වන වනා යයිද? "
අපි ඉතින් දැන් ඔහොම අර බඩුත් කොහොමින් කොහොමින් හරි අරගෙන කියව කියවා යනව ඒ මනුස්පයත් අපිට ඉස්සරහින් යනවා.
ඕං ඒ අල්ල පනල්ලේ අපේ දැරිවි මේ මනුස්සයාගේ අතෙ මොකද්දෝ කොල මිටියක් තියනව දැකලා.

" මහා ලොකු දෙයක් වාගේ කොල මිටියකුත් අරන් යන හැටි විතරක්"

"හනේද කියන්නේ ඒ මදිවට පත්තරයක් කිහිල්ලේත් ගහගේන"

ඔන්න බොලේ එක සැරේම.

" දෙන්න ,,,,, මම ගෙනිහින් දෙන්න."

නමුත් ඊලඟ නිමේෂයේ ඔහු දුටුවේ කුමක්ද........................................?





වේදිකාවෙ අති බඩු මලු පමණි...................................................







13 comments:

  1. හෆොයි මෙයාගේ කට... කට නිසාලුනේ මාළුවා නහින්නේ :D

    ReplyDelete
  2. හෆොයි මෙහෙමත් කෙල්ලො...........

    ReplyDelete
  3. හොඳ වැඩේ මුන්ට . . . හැම දේකටම කට දාන්න යනවට . . . නගේ උඹ වැරදිලාවත් ඩුබායි පැත්තෙ ආවෙ නෑ නේද ? මොකද මගේ යාළුවෙක්ටත් ඔයවගේ කතාවක් කියල තිබුන ලංකාවෙ කෙල්ලො දෙන්නෙක් ඌ ලංකාවෙ කියල දන්නෙ නැතිව . . . මම පස්සෙ වෙලාවක ඒක මගේ බ්ලොගයේ දාන්නං . . . !

    ReplyDelete
  4. අප්පා... තව කමින් සූන් අනේ. දුමී අයියෙ ඒ නම් අපි දෙන්න නෙවේ. අපි අහින්සකයි. අනේ ආවට ස්තුතියි..

    ReplyDelete
  5. බලන් යද්දි හිරු ප්‍රබා ලේසි පාසු නන්ගෙක් නෙමෙයි වගේ... ඇයි අප්පා අර මනුස්සයට කන්න දෙන්න බඩු උස්සන් ගියා වගේ නොවැ කතාව.... හි හි

    ReplyDelete
  6. "ඇයි අප්පා අර මනුස්සයට කන්න දෙන්න බඩු උස්සන් ගියා වගේ නොවැ කතාව.."

    පිස්ස කිව්ව කතාව ඇත්ත!

    ReplyDelete
  7. කට නිසා මාලුව නැහෙනවා කිව්වට ඒ මාලුවා ජිවත් වෙන්නෙත් ඒ කට නිසානේ..:D

    කථාව ගැන කියනවනම් ලස්සනයි හොදයි හැඩයි.එක වචනෙන් කියනවානම් මරැ කියලා තමා කියන්න තියෙන්නේ..

    ReplyDelete
  8. ඇයි බන් සිරි ලන්කාවෙ ගියපු ඉස්කෝලෙ කථා ගැන ලියන්නෙ නැත්තෙ? අඹ ගස් වලට ගල් ගහපු හැටි. sports meet පිස්සුව.ඒ කාලෙ බාගෙට හද පුstadium එකේ යකඩ ගොඩක් උඩ වැටිල (මට මතක විදියට 7 දී) කකුල කඩා ගත්තු හැටි.පුන්චි කාලෙ පුන්චි දේටත් ටප් එක ඇර ගන්න හැටි..විජේකෝන් මිස් ගෙ ගණන් පන්තිය..මාතෘකා ඕනෙ තරම් නේ..

    ReplyDelete
  9. අපි නොදන්න මෙයාගෙ කට

    ReplyDelete
  10. අපි නොදන්න මෙයාගෙ කට

    ReplyDelete
  11. මම ඉන්නෙ කෙන්ඩල් වල. කරවල හාල්මැස්සො ගන්න කඩේ නම මට කියන්න බැරිද? මේ කුකුල් මසුයි වතුර වගේ මාලුයි කාල මට එපාවෙලා තියෙන්නෙ.මේ හරියෙ ඒ කඩයක් තියෙනවනන් මට තව ජොබ් එකක් කරන්න වෙනව.
    මම ආවත්හරි තාම ලංකාවෙ කවුරුවත් හම්බ උනේ නෑ. මම පිංකරල නෑ ලංකාවෙ අය දකින්න.

    ReplyDelete
  12. @ nelan.....
    the place wr i live is East London. i think ur not live in London. Are you... ?
    In East London u can find lots of people from Sri lanka. Therefore, there are lots of Sri lankan Shops as well. Sorry to hear that ur alone. I think there are 20 or more Sri lankan students in my University. Just cheer-up. Do not worry.

    ReplyDelete
  13. By the way, sorry to disturb you.which shop you go to buy sri lankan food. I am coming to London this weekend to buy some Sri lankan stuff specially Goraka. Will i be able to find that.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...