මට මගේ ලඟ ඔබ තරම් නෑ.....




නුඹ ඇවිත් මගේ සිත හොරාගෙන
කවි ලියන්නට බැරි වෙලා මට...
ඒත් කම් නෑ අනේ මට නම්
මගේ අසලම ඔබ හිඳීනම්,

අඳුරෙ තනි වුනු කිරිල්ලිය මම
මට එලිය දුන් සරා සඳ ඔබ
මගේ ගීතය මම ගයන්නම්
එය අසන්නට ඔබ හිඳී නම්,

කවියකින් මට ලියන්නට බෑ,
ආදරේකට කවිය ඉඩ නෑ,
ලොවම නැති උනත් හිතට දුක නෑ
මට මගේ ලඟ ඔබ තරම් නෑ......

2 comments:

  1. පට්ටයි ආ... සින්දුවකටනම් මරු.. මෙලඩියක් දාලා ගත්තනම් ලෙසටම තියෙයි.

    ReplyDelete
  2. ලියන කවි සිත වියකිලා අද
    සියොත් ගී සිත් මත් කරාවිද
    අහසෙ තනිවුන ඒ සරා සඳ
    නුඹේ ප්‍රේමින් මත් කරාවිද

    කාලෙකින් නේ......

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...