15 January 2013

ඔබ එය දන්නවාද නොදනී....




හිරු සඳු එළිය ගත්තෙ ඔබෙනී
බඹරුන් පාර ඇසුවෙ ඔබෙනී
සියොතුන් ගීත ගත්තෙ ඔබෙනී
ඔබ එය දන්නවාද නොදනී.........

තරු වල සිසිල ඔබෙන් ලැබුනී
මල් වල සුවඳ ඔබෙන් ලැබුනී
නෙතකට නින්ද ඔබෙන් ලැබුනී
ඔබ එය දන්නවාද නොදනී..........

මුලු ලොව එරෙහි වෙලා පෙනුනී
සසරම දුකක් ලෙසට දැනුනී
කඳුලට නිමක් නොමැති ලෙසිනී
ඔබ එය දන්නවාද නොදනී
ඉන්නේ කෙළෙස දුකක් නොදැනී
මා හට වටහ ගන්න නොහැකී.........

2 comments:

  1. කුරුල්ලන්ට ගී හදන්න ගහට කොලට පාට වෙන්න
    වීසි කලෙමි අතේ තිබුණ ආදරයයි, කරුණාවයි
    කාටවත් නොදී...

    විරහ වේදනා වින්දා ඇසුවෙමි අවමන් නින්දා
    ආදරයත් කරුණාවත් හදේ දරා සිටි හන්දා...

    ReplyDelete
  2. ඇයි මේ අපූරු බ්ලොග් ආයේ ලියැවෙන්නේ නැත්තේ? දැන් අවුරුද්දකටත් වැඩියි

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...