
ඕං දැන් මේකයි කතාව. මේ මම ඉන්නවනේ, ඊට පස්සෙ මගෙ කට තියනවනේ. අන්න ඒක අවිල්ලා........... වක්කඩක් හා සමානයි. ඉතින් මම මේ කියන්න යන්නේ මේ වක්කඩ නිසා මට වෙන සන්තෑසි ගැන.
මම ඉතින් ඉන්නේ සුද්දගෙ රටේනේ. තනි නොතනියට ඉන්නව තවත් මං වාගෙම දැරිවියක්. හැබැයි ඉතින් මගේ තරම්ම නම් කට නෑ. ඉතින් අපි දෙන්න කොහේ ගියත් එකටම තමා. කියව කියවා යනවා. අපි කියන ඒව ඉතින් සුද්දට තේරෙන එකක්ය. අපි කතා කරන්නෙ සින්හලෙන්නේ. මේක ඉතින් ලන්ඩන් කිව්වට වෙන රටවල ඈයොත් පිරිල.සුද්දො විතරක්ම නෙවෙයි.
දැං අද මම කියන සිද්දිය වෙල සැහෙන්න කල්. මෙහෙමයි, මමයි අර දැරිවියි ඔන්න දවසක් කෝච්චියෙ ගමනක් යනවා. ඉතින්, මේ රටේ නොමිලේම පත්තර බෙදා හරිනවා. අපි දෙන්නත් ඉතින් මේ පත්තරයක් ගත්ත කියවන්ට. මේ රට ඉතින් අපේ රට වාගේ සදාචාර සම්පන්න නෑ නොවැ. මෙහෙ පත්තර වල අඩ නිරුවත් පින්තූර ඔනෑ හැටි. දැන් අපි දෙන්න බලපු පත්තරෙත් මුල්ම පිටුවෙ උඩු කය නිරුවත් කාන්තා පරානෙක පින්තූරයක් තිබුනා. අයෙ ඉතින් මොකද අපි දෙනනත් පුලුවන් තරමක් විස්ලේසන, විවේචන, විචාර කොලා. මොකෝ අපි කියන එක මොකාට තේරෙනවය.
ඕං බොලේ අපි කියෙව්වට පස්සෙ මේ පත්තරේ ගත්ත අපිට ඉස්සරහ ආසනේ ඉදන් උන්නු හැන්සම් අයියා කෙනෙක්.දැන් අපි දන්නව නොව මේකෙ තියන එකයි. ඒක තියන තැනයි. මේ අයියත් දැන් පිටිපස්සෙ ඉදන් පත්තරේ පෙරලනවා.
මම : ආහ් අයියා... ඔහොම යන් ඔහොමයන්.
දැරිවි : හ්ම් හ්ම්. තව යන් තව යන්.
ඕං දැන් අයිය ඉන්නෙ අර පිටුවෙ.
මම : ඔන්න ආව ඔන්න ආව. මරු නේ....?
දැරිවි : අම්මෝ... මදිද බැලුවා.....
අපි ඉතින් ඔහේ කියවනව.
මම : ඈ බොල දැරිවි. මේකට තේරෙනවද මන්ද. මේක ටිකක් ආසියානු පාටයි.
දැන් මේ අයිය අපිට ඉස්සරහින් ඉන්නව අර පත්තරෙත් දිග ඇරගෙන.
දැරිවි : මේ අයියෙ ඔය අයියට සින්හල තේරෙනවනම් බලන්න උඩ.
මලකෙලියයි. මෙන්න මේකා හිනහ වෙවී උඩ බලනවා. කෙල්ලො දෙන්නා ගමන ගියයින් නොගියයින් ඊලග ඉස්ටේසමෙන් බැහැලා.
හෆොයි :D
ReplyDeleteහොඳ වැඩේ..
ReplyDeleteහෆොයි! විලි ලැජ්ජාවේ සංතෝසේ බෑරිව ඇති... හොහ් හොහ්
ReplyDeleteරෙදි බිම.....
ReplyDeleteහික් හික් ඌ හොඳ ලැජ්ජ බයට හැද්දිච්චි එකෙක් වගේ....
ReplyDelete:D :D :D :D
ReplyDeleteඅපොයි ඒකා යකෙක්.... අපි කියපු ඒව සේරම අහන් ඉදල හිකනලා වගේ. පස්සෙ උඩ බලනවා. ඕක එකක් විතරයි අප්පා..... තව තව ඒවා කමින් සූන්...
ReplyDeleteඅනේ කියවා බලා ප්රතිචාර දුන්නට තෑන්ක්ස්
නියම කතාව නගෝ . . . ! තව ලියන්න . . !
ReplyDeleteමරු මරු වැඩ තමයි වෙලා තියෙන්නේ. සුද්දන්ගෙ රටෙත් සුද්දන්ට වැඩිය ඉන්නේ අපේ ඈයෝ.යස පාඩම :D
ReplyDeleteමම මේ බ්ලොග් එක දැක්කේ අද තමා ඉස් ඉසෙල්ලාම. හොඳට ලියලාතියෙන්නේ. දිගටම ලියන්න නගෝ.
ReplyDeleteඒක නෙමේ, ඔහොම වැඩක් අපිටත් උනා.
එක දවසක් මමයි, නොනයි, මගේ යාලුවයි, එයගේ නෝනයි - ඔක්කොම 4යි - ගමනක් යන්න කුලී රථයකට නැග්ගා. (ටැක්සියකට එහෙම නෙමේ. මොකද අපි හිටියේ සින්ගප්පූරුවේනේ, ඉතින් එහෙ උන්ට නොතේරෙන්න සුද්ද සිංහලෙන්ම තමා කතාව.) ඉතින් අපි ගමන යනවා. රියදුරා (ඩ්රයිවර් නෙමෙයි) චීනෙක්. අපි අපේ පාඩුවෙ වල් පල් දොඩව දොඩව යනවා. මෙන්න ටික වෙලාවකින් අර චීනා අහනවා "ලංකාවිද? ලංකාවිද?" කියලා. (අල්ලපු රටවෙච්ච මැලේසියාවේ තියනවා ලංකාවි කියලා දූපතක්. හොඳ tourist destination එකක්. අපි මුලින් හිතුවෙ මූ ඒක ගැන කියවනවා කියලා) බලන කොට ඌ අවුරුදු 30ක් ලංකාවේ හිටපු එකෙක්. තාමත් අමාරුවේන් සිංහල කතාකරන්න පුළුවන්. (අපි රස්සාවල් හොයාගෙන සිංගප්පූරු ගියාට මොකද ඒකාලෙ සිංගප්පූරුවේ උන් රස්සාවල් හොයගෙන ලංකාවට ඇවිත්.) හොඳ වෙලාවට අපි කතා කර කර ඉන්නොට රියදිරා ගැන මුකුත් කිව්වේ නැත්තේ සිංහලෙන්වත්.