20 January 2011

මගේ තනියට


ඔබ ඇවිත් යන්න එන්න
තව එකම එක වරක්
මට සිනා නඟා යන්න
එන්න තව වරක්..

මුදු සුලඟ ඇවිත් ඔබෙ සුවඳින්
මා හද පුරවයි
ඔබ ලඟින් සිටින විට දැනෙනා
සපුමල් සුවඳයි..

රෑ අඳුර මැදින් ඔබ විත් මගේ
ලොවම එලිය කර
තව එකම එක වරක් ඇවිදින්
යන්න සඳවත

මගේ සිත් මල පෙති විහිදා
පිපේවි එතකොට
ඒ සිත් මල මගේ තනියට
ඉදීවි සදහට
මගේ ලඟින් මතක සුවඳ
තියේවි සදහට...

3 comments:

  1. ලස්සනයි....

    -සිරකරු-

    ReplyDelete
  2. ඇවිත් යන්න එන්නං
    හැමදාම නැවතිලා ඉන්න
    සදාකාලික සිනහවක් ලග
    නවතින්න අවසරද.......

    මුදු සුලග හමන සැන්දාවක
    නුඹ දෑත ගෙන සුමුදු වැලි තලයක
    ඇවිදන් යන්න අනන්තය වෙත
    අවසරද නවතින්න මොහොතකට............:-D

    සැර වැඩිද මන්දා.........:-D..

    ReplyDelete
  3. සෑර වැඩි නෑ පොඩ්ඩක්වත්,, තන්කු පසන්..

    තන්කූ සිරකෞ අයියේ,

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...