25 January 2012

මට නොපායපු මගේ සඳ




ඔබ එනෙන වග දත් නිසා
ඊයෙටත් වැඩියෙන් හැඩවෙලා
පුන් පෝය දා උදේ ඉඳලම
මගේ ගෙමිදුල හැඩකලා

මිදුල හතරකොන වැට තනා
ඉනි කඩුල්ලද කලියෙන් වසා
බලා උන්න ඔබ නැගෙන තුරු
මගේ පිල් දොරකඩ වෙලා

ඔබ පෑව්වම මගේ මිදුලට
ඒ සඳ එලියෙන් හෙවනැලි මැවුනම
කාටත් නෑ ඒ සිසිලස මටමයි
ගන්නත් බෑ මගෙ ඉනි වැට හයියයි

පිලේ පැදුරේ දිගැදිලා
ඔබේ උවනත දෙස බලා
ඉන්නවා මම පහන් වෙනතුරු
ඔබ මගෙන් නික්මෙන තුරා

ඔබ පෑව්වම මගේ මිදුලට
එලිය වෙයි මගේ දුගී පැල්පත
ඔබේ සෙනෙහේ සිසිල් සුවයෙන්
සැනහේවි මේ කුමුදු මල් වුව

නැති හින්ද වෙන කාටවත්
බැරි හින්ද එය ගන්නටත්
උන් බලයි ගෙමිදුල දිහා
ඉරිසියා නෙත් කරකවා

ඉපිල යනවා සිත මගේ
පායා එයි සඳ නුබ ගැබේ
ඔබ මගේ සඳ ඔබ මගේ
කෑගසයි හදවත මගේ
.
.
.
.
.
.
මම හිතුවේ.......
මම හිතුවෙ මට කියල විතරයි
ඒත් ඇයි අර එහා ගෙදරත්
ඔබේ සුදුමුදු රිදී එලියෙන්
ගෙමිදුලේ රූ රටා ඇදිලා.......

කොහොම ඉන්නද ඉවසලා
කදුලු යයි දෙනුවන පලා
මගෙම විතරයි සිතා උන්නත්
කෝ නෑනේ මට විතරක් වෙලා.......

ඔබ මගෙම වූ සඳ නොවේ
මටම පෑයූ සඳ නොවේ
වෙනද වාගේම හැමට පායන
පුන් පෝයදා සඳම වේ.......

බලා ඉමි නෙත් බොඳ වෙලා
ඇයිද මා මේ රැවටිලා
සිතේ ගිනි දලු ඇවිල එද්දී
ඔබ හිඳී අහසට වෙලා....
මට නොපායපු මගේ සඳ ඔබ
ඔබ හිඳී අහසට වෙලා......

18 comments:

  1. සඳ එළිය අපිට අයිති වුණත් සඳ අයිති අහසට..............

    ලස්සන කවි පෙළක් :)

    ReplyDelete
    Replies
    1. නැති දේ ගන්නනේ කව් රුත් කැමති..

      Delete
  2. ඔයා ලියපු පෝස්ට් වලින් මට ගොඩක්ම ආස හිතුන පෝස්ට් එකක්...

    පායන්න පෙරුම් පුරනා සඳ මඩල
    හෙටත් රෑ අහස සරසාවි තරු නැතුව
    පෙර මං බලා ඉනු මැන මගේ සුරඟන
    හෙට දිනට පායන්න එනු ඇත නුඹෙ සඳ

    ReplyDelete
    Replies
    1. උන්නා ඊයෙත් බලාගෙන මම මුලු රෑම...
      ආවත් පායලා සඳ නිල් අඹරේ පේන....
      දුන්නත් සඳ එලිය මට නැතිවම ලෝබ....
      ඇයි ඒ සඳ වෙලා නැත්තේ මගේ තාම....

      Delete
  3. හැම දේම අයිතිකරන්ඩ බෑනේ.... පුලවන් දේවල් බෙදා ගන්න. බැරි දේවල් අත්අරින්ඩ... එතකොට ලේසි වෙයි..

    මේ අර සූරියකාන්ත මල ලග ඉන්න හිරුප්‍රභාද?

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් හ්ම්ම් සූරිය කාන්තමල ලඟ ඉන්න සූරිය කාන්තා මමලුනේ....

      Delete
  4. ලස්සන අදහසක්!

    ReplyDelete
    Replies
    1. අහ් ඔයාට තියෙන්නෙත් මගේ නමමයී... හැබැයි මම ලියන්නේ ඔය ලයන්න නෙවෙයි මෙන්න මේ ළයන්න

      Delete
  5. අපේම කරගන්න තරමට ලෝබ හිතෙන ගොඩක් දේවල් . . . අපේම කරගන්න බෑ

    ReplyDelete
    Replies
    1. බැරි බව දැන දැනත් ඒවම ඔනි වෙලා නැතිද වෙලාවකට...

      Delete
  6. ඕන මැන්ටලුත් යමක් කමක් දන්නවා නේ...

    ReplyDelete
    Replies
    1. ( ඒ වගේ අඟවනව..... (වරහන අස්සෙ තියෙන හින්ද එයාට මේක පේන එකක් නැ ) ) ;)

      Delete
  7. අහස පුරා නෙක රටා ඇන්දද...
    අපේ සිත් වල සෙනේ පිරුනද...
    තරුමැදින් රජ වෙලා උන්නද..
    සඳට තාමාවත් අයිති වේවිද..

    සඳ බබලන්නෙත් හිරු එළියෙන් නේද...

    ReplyDelete
  8. පිපෙන පරවෙන තරු කුමුදු මැද
    දිලි උන්නත් රජ වෙලා
    සඳට නොදැනෙන කප්පරක් පෙම
    තවම ඇයි නුඹ හිත් දරා.
    ක්ෂිතිජ කොනකම උන්නු තරුවක්
    වැටෙන කඳුළැල් සඟවලා
    අඳුරු දුර දෙස නෙත් දරා ඇති
    නුඹ එතැය් තවමත් බලා...............

    ReplyDelete
    Replies
    1. මෙහි සඳහන් කිසිවක් සංකීර්ණ කර නොගන්න ලෙස ඉල්ලා සිටින අතර
      එහි ඇත්තේ හුදෙක් පද පේලියක් පමණක් බවත් කරුණාවෙන් සලකන්න......

      Delete
  9. නගේ මොකෝ මේක වේලෙන්ඩ ඇරලා....

    ReplyDelete
  10. දුරින් ඉන්න තරමටලුනේ වට්න්නේ වැඩිය ලං වුනාමත් අගයක් නැති වෙනවා..

    (ඇත්තටම කෝ මේක ලියන ලමයා ? බ්ලොග් එක ලියන එක අතෑරලා දාලද?

    ReplyDelete
  11. දුර ඉඳන් බලනකොට කොයි‍දේත් සුන්දරයි ලු...

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...