5 October 2010

ධම්මපදය 2


දීඝා ජා ගරතො රත්තී
දීඝං සන්තස්ස යෝජනා
දීඝො බාලනං සංසාරෝ
සද්දම්මං අවිජානතං



නෙතු පිය වසා දෙසවන වසා
සිටියද බලා එළිවන තුරා
සඳ තරු අරා ලොව සතපලා
නිදි නැති නිසා රැය දිගු වෙලා.

නොම නැවතිලා පසු නොම බලා
යන මඟ මෙසේ නොවෙදෝ නිමා
ගමනත විඩා වැඩිකම නිසා
යොදුනක පවා නිම් නැති වෙලා.

මෙ'යුරින් ලොවේ අණුවන දනා
සදහම් සිසිල් නොම දැන ලබා
අකුසළ් කරන් මෝහය නිසා
දිගු කර ගනී සසරත තමා.......

1 comment:

  1. අණවන දනා කරනා දෙයින් අපටත් වෙන්නේ කරදර තමා.
    හොඳ නිර්මාණයක්. තව තව ලියන්න ධෛර්යය ලැබේවා

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...