31 October 2010

එතෙක්




ලියන ලියන කවියක් ගානේ
කියව කියවා ගියද ඔබ,
ලියූ හැම පදයක්ම
ඔබට ලියූ වග
කවිය කියවන ඔබට
නොතේරෙන වග දනිමි.

මා ලියූ කවි පේලි
තේරුන යම් දිනකදී
ඔබෙන් නොලැබෙන ආදරෙන්
මගේ හිත හඩන හැටි,
ඔබට ඇහේවි.....

එතෙක්,

මම ලියමි,
ඔබ කියවාවී,

1 comment:

  1. ඇය විතරක් නෙමේ ..
    අපිත් කියවාපුවාවේ

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...