3 November 2017

මා.......



සිත සියුමැලි වැඩි ඇති මගෙ
ඒකයි මේ හැටි රිදෙන්නේ,
නෙතු කඳුළැලි බර වැඩි ඇති මගෙ
ඒකයි දෙනෙතින් වැටෙන්නේ,
ඔබ නැති ලොව අඳුරුයි මගෙ
ඒකයි මේ හැටි තැවෙන්නේ,
පෙර කළ පින් මදි ඇති මගෙ
ඒකයි මා ඔබ නොලද්දේ.......

2 November 2017

ඇය...
















වරළ නිතඹ මුවා කරන
දෙනෙත නිතර කතා කරන
දෙතොල නිතින සිනානගන
උවන සුරඟලියක ලෙසින,


සුවඳකි සැම විට මාලඟ රැන්ඳු
කවියකි ප්‍රේමය මා ලොව නැලවු
නිවනකි නිතරම මාසිත සැනසූ
පැතුමකි සදහට මා ඔබ එකවූ.......


Related Posts Plugin for WordPress, Blogger...