දැරිවියි මමයි ඉන්නෙ එකම ගෙදරනෙ. කන්නෙ බොන්නෙ උයන්නෙ පිහන්නෙ බඩු ගෙනෙන්ට යන්නෙ කොයිකත් උන්දැයි මමයි එකට තමා ඉතින්. අපි ඔය උයන පිහන බඩු ගෙනෙන්ට ප්රධාන වසයෙන් තැන් දෙකකට යනවා. මුලින්ම යන්නෙ ASDA කියල සුපිරි මර්කැට් එකට.ඔය පාන් බටර් එතකොට ක්ෂනික ආහාර පාන අපි ගන්නෙ එතනින් තමා. එකට ගිහිල්ලා බඩු අරගෙන කරිය, අපි දෙන්න එ බඩු මල්ලත් උස්සන් යනවා බස් එකේ තවත් කඩේකට. ඒක ඇවිල්ල ලන්කාවෙ දෙමල කඩයක් ලන්කවෙ ඕනිම දෙයක් මෙතනින් ගතහැකි. කරවිල, කරවල, බටු , පතෝල, කරපින්චා, රම්පෙ, හාල් මැස්සො මෙකී, එකී, නොකී ඔය කොවුවත් අපි ගන්නෙ එතනින් තමා.
ඉතින් ඔන්න අපි දෙන්න දවසක් ගත්ත කියමුකො ඔය තැන් දෙකෙන්ම බඩු. අපි දෙන්නෙකුට තියා පස් දෙනෙකුටවත් බෑ මේ බඩු ගොඩ ගෙනියන්න ඕං. කොහොම කොහොම හරි බඩු මලු ටික පටව ගත්ත කියමුකො කෝච්චියට. ඔව් ඔව්
හැන්සම් අය්ය හිටිය එකටම තමා. ඉතින් ගිහිල්ලා අපි බහින තැනින් බඩු ටික බා ගත්තා. ඒකට අපි දෙන්නට හිතන්ටවත් බෑ ඒ බඩු ටිකට කර ගහන්ට. අපොයි ඉතින් මේ අසරන කෙල්ලො දෙන්න අතින් කටින් කනින් බඩු එල්ලගෙන දැන් දුම් රිය වේදිකාව දිගේ යනවා.
අනේද කියන්නෙ අපි දෙන්නට ඉස්සරහින් යන මිටි කොට කලු මනුස්සපරානෙ දැකලා, දැරිවිගෙයි මගෙයි ඇගේ මාලු කස්තිරන් නටන්ට පටන් ගත්ත නොවැ. මාලු විතරක් නම් මදෑ,, කටත් නලියන්න ගනිපි. අයෙ මොනවද ඉතින් ඕං මගේ කට මුලින්ම අරුනා. දන්නවානේ ඉතින්,,, මේ රටෙ
සින්හල තෙරෙන අය අල්පයි නොවැ
"බලාපල්ලකො අත්දෙක වන වනා යන හැටි විතරක්"
"අනේද කියන්නෙ, අපි මෙචචර මේ බඩු ගොඩක් උස්සන් යනවා. මේකා, මට අත එපා කියන්නැහේ, අත වන වන යනවා."
ඕං අපේ දැරිවි කට ස්ටාට් කොලා. මම ඉතින් දැන් ඩබල් එකේ කියවනවා.
" ගෑනු ලමයි දෙන්නෙක් බඩු කන්දරාවක් අරන් යනකොට හරි හමන් පිරිමියෙක් මෙහෙමත් අත් වන වනා යයිද? "
අපි ඉතින් දැන් ඔහොම අර බඩුත් කොහොමින් කොහොමින් හරි අරගෙන කියව කියවා යනව ඒ මනුස්පයත් අපිට ඉස්සරහින් යනවා.
ඕං ඒ අල්ල පනල්ලේ අපේ දැරිවි මේ මනුස්සයාගේ අතෙ මොකද්දෝ කොල මිටියක් තියනව දැකලා.
" මහා ලොකු දෙයක් වාගේ කොල මිටියකුත් අරන් යන හැටි විතරක්"
"හනේද කියන්නේ ඒ මදිවට පත්තරයක් කිහිල්ලේත් ගහගේන"
ඔන්න බොලේ එක සැරේම.
" දෙන්න ,,,,, මම ගෙනිහින් දෙන්න."
නමුත් ඊලඟ නිමේෂයේ ඔහු දුටුවේ කුමක්ද........................................?
වේදිකාවෙ අති බඩු මලු පමණි...................................................