11 August 2010

මම උන්නා


ඔබ හමුවන්නට දවසක් එනතුරු
අතැඟිලි ගැන ගැන මම උන්නා.
ඔබ එනවායැයි මා හට කී විට
බැතියෙන් පේවී මම උන්නා.
නෙත් යුග දල්වා හසකැන් රන්දා
පාර බලාගෙන මම උන්නා.

ඔබ නො එනා වග අදහනු නොහැකිව
කම්පිත වීලා මම උන්නා.
බලාපොරොත්තුවෙ මන්දිර සුන්වී
කම්පිත වීලා මම උන්නා.
දුරකතනයකින් අසුන ඔබේ හඩ
අදහනු නොහැකිව මම උන්නා.

රෑ අදුරට මගෙ කඳුලු මුදා හැර
නොනිදා මුලු රෑ මම උන්නා.
බිඳෙන පැතුම් විතරක් ඇයි මා ලඟ
හිතමින් මුලු රෑ මම උන්නා.
ඉකිබිඳ හඩමින් මා උන්නා.

2 comments:

  1. බලාපොරොත්තුව....

    ReplyDelete
  2. හරිම සංවේදී පද ටිකක්...
    ඇත්තටම ලස්සනයි වගේම දැනෙනව.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...