13 October 2010

බඹ මල්සරා මැද


අහක බලාගෙන ඊතල
මල්සර විද්ද....
අදී ඇවිත් වැදුනේ
මහදේ මන්ද....
නළලේ බඹා කොට ඇත්තේ
ඔබ නොවෙවත්ද....
බඹ මල්සරා මැද ඇත
මා හද ගිනි ගත්ත....

සෙනෙහස මගේ ඔබ හට
පෙනුනේ නැද්ද....
සෙනෙහස ඔබේ මා හට
නොපෙනෙනවා වද්ද....
මේ හැටි දුරස් යැයි ඔබ
මට වැටහෙන්නේ මන්ද...
බඹා කෙටු හී තුඩ තව
මින්දද අත වද්ද........

4 comments:

  1. කෙල්ලෙක් දැක්කා හුරතල් ඒකිට විදපං දෙයියො
    පමා නොකර දැන්වත් වැඩේ‍ ට බැහැපං දෙයියෝ
    තව නමි බෑ ඉවසන්නට දමාලා ඇනපං දෙයියෝ
    දුණූ ඊතල සුරත දරා බිමට වැඩපං දෙයියෝ

    ක්ලාස් ගානේ චාටර් වී හෙවුවා දෙයියෝ
    අතන මෙතන හන්දි ගානේ රැක්කා දෙයියෝ
    කටු කෑවට කිසිම සෙතක් නෑ බං දෙයියෝ
    මල මගුල මේක ඉවර කරලා දීපන් දෙයියෝ

    පඩුරු පක්කුඩං මොනාද කියපං දෙයියෝ
    වල් ෆැන්ටද ගල් විස්කිද කියපං දෙයියෝ
    ඉවසා වදාරා කන්නලව්ව අහපං දෙයියෝ
    යකා නගිනවා දැංවත් කාරිය කරපං දෙයියෝ

    ReplyDelete
  2. බඹ මල්සරාට පයිත්තියං ය
    ඒකා කලොත් එහොම වැඩක්මය......
    ඔකාගේ සනුහරේ ටම හෙන දෙනවාය
    ගමයාත් ටීකාවක් දැමිමා ඔංංංංං

    ReplyDelete
  3. මල්සර විදින්නේ කොහොමද කියලා..
    සෙව්වෙමි මමත් කල් බලලා...
    වැදුනද හී පහර හදවත පලලා...
    ගැලවා දැමුවෙ ඇයි නැතිවද දුක හිතිලා..

    ReplyDelete
  4. දුන්නනම් call එකක් බඹාට
    දනගන්න තිබ්බ තක්කෙටම
    ඒත් දෑන් මක් කරන්නද
    විද්ද ඊතලේට මක් කරන්නද

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...