15 October 2010

වැස්ස


මවමින් රටා නුබ ගැබ පුරා
පාවෙනු පෙනෙයි කලුවන් වලා
කන්දට එහා අඩකව සැදී
සිත් රූ මවන් දේදුන්නකී

වැහි බිඳු වැටේ සිළිසිළි දිදී
තුරුලිය නටයි තාලෙට එහී
හිරිකඩ වැටෙයි හිරිගඩු පිපී
ඉන්නට හිතයි පොරන් නිදී

4 comments:

  1. හිතුනත් ඉන්න පොරවන් රෙද්ද
    අය්යෝ බෑනෙ කම්මෑලිකමට
    අවොත් london ජීවිතයේ දාක
    සිද්දවෙයි කන්න මේ වගෙ කට්ට

    වෑඩ කලේ නත්නම් මෙහෙ අවිත් ඉන්ත
    සිද්ද වෙන්නෙ හාමතේ uni එකත යන්න
    ගලපන්න try කලත් පද පෙලි එකිනෙක
    ගලපුනෙ මෙහෙමය් පුරුද්දක් නෑති කමට

    ReplyDelete
  2. @ anonymous

    ඉන්නේ ලන්ඩන් වල කොයි ඉසව්වෙද
    කියලා කීවොතින් එනවා බලන්නට
    සීතල කලේ අවිදින් දොරකඩ ලගට
    කොඳුරා කීව නිදියන්නට කියා මට

    hope this is not our " jaraaa mes" :P

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...