21 October 2010

ආදරයයි..


මගේ සිතින් සොඳුරු සිතුම්
ඈත ගිහින් මටත් හොරෙන්
සිව් විසි නිති පැය පුරාම
සිහින මවමි සෙමින් සෙමින්

දෑසින් දෑසට දෙතොලින් දෙතොලට
සෙමින් ගලා යන ආදරයයි
දෑඟිලි පටලා වෙනතක් නොබලා
ලොව අමතක කල ආදරයයි...

ඔබ නැත මාගේ තනියට මේ රෑ
නමුදු සිහින සුව දේ
පෙරුම් පුරන්නෙමි හෙට එලිවෙන්නට
සිනා දකින්නට ඔබගේ දෙනෙතේ....





3 comments:

  1. ගොඩාක් ලස්සනයි , හිතේ තිබුන පාළුව නැතිව ගියා

    ගොඩක් ඉස්තූතුයි

    ජයවේවා !

    ReplyDelete
  2. සිතුම් ඉගිල ඈත ගියත්
    සිතෙන් මිදී අනන්තයට
    නොතැවෙන් සොයුරිය නුඹ කිසි විට
    සිතිවිලි එයි නුඹ වෙතටම නිති

    දෑසට දෙතොලත්, දෙතොලට දෑසත් තබමින්
    හදින් පිදූ ආදරේ, නැත නොමියෙන්නේ කිසිදින
    මියයන විටකදි වුවද
    සසර පුර නුඹව සොයා
    ඉගිලී එයි ආදරේ
    තුරුලු කරන් යන්න නොදී
    රඳවා ගන් ආදරේ

    ආත්මයේ සුවඳ කැටිව
    සිහිනෙන් සුවඳක් ගාමින්
    මුසුව නිඹඳ හසරැල්ලක
    ස්Sඟවී ඇත ආදරේ

    සොයමින් ගොස් මරු කතරක
    මං මුලාවු ලෙසින් මගක
    නොයන් කිසි දිනක එලෙස
    අසලම ඇත ආදරේ

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...