23 October 2010

පෙම් කුමරු



පෙම් මල්දම මා කරමත පවරා
පෙම් හසරැලි මුව කමලේ සරසා
පෙම් ලොවකට මා යන්නට කැන්දා
පෙම් කුමරුණි ඔබ එන්නේ කවදා

සුසිනිඳු රන්වන් සේල ඕනි නෑ මගේ වෙලා ඔබ හිටියොත් මට ඇති..
දිදුලන මුතුමිණි රිදී ඕනි නෑ මගේ ලඟින් ඔබ හිටියොත් මට ඇති..

සුරලොව හැම සැප එතකොට දැනේවි
හදවත පුරවා ආදරේ හිතේවි....




2 comments:

  1. උත්සහ කලත් ජීවිතය විදින්න නිල් අහස තරම්
    විදගන්න ලෙහෙසි වෙන්නෙ නෑ ඒ තරම්
    සිතිවිලි ඔය තරම් සුන්දරනම්
    එලෙසින්ම ඉටුවෙන්න සුබ පතන්නම්

    ReplyDelete
  2. හොඳයි ලස්සන පද ගැලපුම හිතට වදිනවා

    සුසිනිඳු රන්වන් සේල ඕනි නෑ මගේ වෙලා ඔබ හිටියොත් මට ඇති..
    දිදුලන මුතුමිණි රිදී ඕනි නෑ මගේ ලඟින් ඔබ හිටියොත් මට ඇති..

    ඒ වගේ කෙල්ලොත් ඉන්නවද සැබෑ ලෝකේ ?
    ඔවු ඉන්නවා 10000 කට 1 විතර

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...