29 October 2010

විදවූ ආදරේ


සිනිදු සුමුදු වලාකුලේ
ලියපු ආදරේ,
මලක තියන රේණු අතරෙ
සැඟවූ ආදරේ,
හමන ලෙලෙන සිහිල් සුලඟ
සොයපු ආදරේ,
මහද පුරා ඔබේ නමින්
තියෙන ආදරේ.......

නුවන් පුරා කඳුලු හෙලා
විදවූ ආදරේ......
හිතක් පුරා දුකක් දරා
විදවූ ආදරේ......
පෙරුම් පුරා පතා අවිත්
විදවූ ආදරේ......
ඔබ නොදන්න ඔබට තියෙන
මගේ ආදරේ.......







6 comments:

  1. ආදරේ විදවන්න වෙන්නේ වැරදි කෙනාට ආදරේ කරොත්

    ReplyDelete
  2. වා..............ව්..........මාර ලස්සනයි මේක....

    ReplyDelete
  3. ආදරේ කරොත් පොඩ්ඩක් හරි විඳවන්න වෙනවා ! . ඒ විඳවීමටත් අපි පස්සේ කාලෙකදී ආදරය කරනවා !

    ජයවේවා !!

    ReplyDelete
  4. "හිස් අහස" කියපු දේට මමත් එකඟයිග මොකද මම දැන් කරන්නෙත් ඒකම නිසා.

    ReplyDelete
  5. මම නම් හිතන්නේ ආදරය තියෙන්නේ විදවන්න නෙමෙයි විදින්න

    ReplyDelete
  6. ආදරේ කියන වචනේ ඇතුලෙම කදුලා හැංගිලා තියනවා..හැබැයි ආදරේ වෙනුවෙන් වැටෙන හැම කදුලු බිංදුවක්ම කියන්න බැරි තරම්වටිනා..

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...