ටොයිලට් නෑම


ඔන්න මම අර එකෝමත් එක කාලේක පටන් ගත්ත නොවැ කතා ලියන්නට. ඒක ඉතින් කාට කාටත් පෙනෙන පරිදි මඟ හිට්ටා. මොකෝ කීවොත් මට මේ කතා කොට කොට ඉන්ට කම්මැලියි නොවැ. ලියපු කවියක් දාන එක ලේසියි. කෝ අනික මට ඔය හැටි වෙලාවක් මම අහන්නෙ...????? වාසිටි යනවා ,, වැඩට යනවා,,, ඉතිරි කාලේ ඉතින් කොරන්නේ උයල පිහලා කාලා බීලා, නිදියන එක නොවැ. ඒ නැතත්,,, මට පෙනුන තව කාරනයක් තමා ඔය අපේ චූටි මහත්තයා, පූසො සෙට් එක , එතකොට දුමී අය්යා වගේ ලස්සනට මට බැහැ නොවැ කතා ලියන්ට.

කාරි නෑ........ මම අද ලියනවා කතාවක් , මේක කා ගැනද කියල හරියටම කිව්වොත් ,,,,, මමයි , වරුනියි, ශෂීයි ගැන. ඒ අවිල්ලා 2003 විතර අපි 10 වාසරේ.
ඔන්න මේකයි අපි තුන්දෙනා තම හොදම යලුවෝ. අදටත්..... ඉතින් අපි කන්නේ බොන්නේ පීරියඩ් කට් කරන්නේ යන්නෙ එන්නෙ සේරොම කලේ එකට.

ඉතින් දවසක් අපි ඉන්ටවල් එකට හොදට කාල එහෙම එලියට වෙල හිටියා,,, අපේ පන්ති වල්ට ටොයිලට් තිබ්බේ ටිකක් පහලට වෙන්න , 10 වසර පන්ති 7ක්ම තිබ්බේ එකම හෝල් එකේ. හැම පන්තියක්ම දන්නව ඉතින් බැරි වෙලාවත් වැරැද්දකට හිටගන්න උනොත්. මම කිව්ව වගේ ඉතින් ටොයිලට් තිබ්බේ පන්ති වලට වඩ අඩි 5,6 ක් පහලින් . පඩි පෙල් 4 විතර බැහැල තම ටොයිලට් වලට යන්න ඕනි.
ටොයිලට් ගියහමත් ලමය හිටගෙන ඉන්නකොට අපිට ඉතින් ටොයිලට් එකේ උඩ තියන පොඩි වා කවුලුවකින් ඔලුව බලාගත හැකි.

ඔන්න දවසක් ඉන්ටවල් එකේ අන්තිම මිනිත්තුවෙ අපේ ශෂීයට ටොයිලට් යන්න ඕනි උනා.ඉතින් ඔන්න මේකා ගියා කියමුකෝ. අපේ ලොකු වීරකමක් තමා ටොයිලට් ගිය එකාට උඩ ඉදන් අර වා කවුලුවලින් ගල් ගහන එක.. මමයි වරුයි ඉතින් සුපුරුදු ලෙස ශශියට ගල් ගහන කොට මගේ ටික්කි ටිකිරි මොලේට අවා පොඩි අදහසක්. ඔන්න දැන් මට පේනව අපේ මංගලික මිස් පන්තියට එනවා. මම අඩියට දෙකට පහලට බැහැලා අර ටොයිලට් එකේ දොර පිටින් ලොක් කලා. කරල හිටන් ඉතින් පන්තියට ගියා වෙන මක් කරන්නද...... අපේ එකී ටොයිලට් එක අතුලේ. ගිහිල්ල ඉතින් අයුබෝවන් කියල පොත දිග ඇර ගත්ත විතරයි මෙන්න බොලේ පල්ලෙහ පත්තෙන් මහා කෑගැහිල්ලකුත් එක්ක වතුර පාරක් උඩට විහිදෙනවා පේනවා...
මුලු පන්ති 7ම දැන් ඉතින් නැගිටලා බලනව මේ මොකද්ද මේ කියලා. බොලේ වතුර එන්නේ ටොයිලට් එකේ වා කවුලු අතරින්. ඒත් එක්කම ඉතින් මට ඉතා සුපුරුදු කට හඩකින් ඇහේනව
" මේ දොර ඇරපියව් බොලව්"
" ලහිරු...................""""""

" වරුණී ඊ ඊ ඊ........"
ඔන්න අන්තිමට ඇහෙනවා
" අනේ මිස් මේ දොර අරින්න කියන්නකෝ" කියලත් ...

ඔන්න එතකොට අපේ මංගලිකා මනාලිකා කියාපි...

" ලහිරු, ඒ ඉන්නේ ශෂී නේද..... ?? "

" ඔව් මිස්ස් ඒ වගේ නේද?"

" යන්න යන්න ගිහින් බලන්න මක් වෙලාද කියලා,, පව් දොර තද වෙලාද කොහේද?"

" ඔව් මිස් ඒ වගේ තමා."

දැන් ඔන්න ලම්යි සේරමයි මිස්ල දෙතුන් දෙනෙකුයි බලා ඉන්නව වැඩේ.

මම ඉතින් හෙමීට ගිහින් දොර ඇරියා

ශා......... බලන්න ලස්සනයි අපේ කෙල්ල .. හොදට නාලා. රතුම රතුවෙලා මම හිතන්නෙ කේන්තියට. මුලු සරුවන්ගෙම තෙමිල, සුදු ගව්ම නිකන් මේ දැන් සේදුව වගේ.කොන්ඩේත් තෙමිලා. අපු ගමන්ම මේ යොදි අහපි..

" මොන ඒකාද මේ දොර ලොක් කරපු එකා" කියල. මම ඉතින් ඔවට උත්තර නොදීම අහුල ටැප් එක කැඩුනද බන් කියලා.

" ඔව් බන් මෙක අරින්කොටම එක කැඩිල ගියා"
වෙලා තියෙන්නෙ මිස් එන නිසා හදිස්සියට ටැප් එක අරින්න ගිහින් මේකි අතින් ටැප් එක ගැලවිලා. එලියට එන්න හදනකොට ඒකත් බැරි නිසා, ටැප් එක හදන්න ට්‍රයි කරලා. එතකොට තමා අර වතුර මල අති වෙලා තියෙන්නේ.
ඔන්න ඉතින් මමයි ශෂීයි, ටැප් එක බාගෙට ස්තාන ගතකරල පන්තියට ගියා. මේකි තෙමිච්ච කිකිලි වාගේ. හිනා වෙන්නත් බෑ. අයි ඉතින් එතකොට බනින නිසා. හිනා නොවිත් බෑ.
මට මතක විදිහට නම් අපි හොස්ටල් එකට ගිහින් අපේ යලුවෙක්ගේ අදුම් ඇද ගත්ත . වෙන මක් කරන්නද. කෙල්ල හොද නිසා තරහ උනේ නෑ.

අපි ඒ කලේ නම් ලස්සන ලස්සන හීන මැව්වා. ඒත් අපි නොහිතපු විදිහට අපි තුන්දෙනා අද ඉන්න තැන් තුනක. ශෂී අපි අතර හිටිය ලස්සනම කෙල්ල. හරිම ලස්සනයි. ඒත් නොහිතපු විදිහට එයාට ගෙදරින් ගෙනාව යෝජනාවකට උසස් පෙල ඉවර උන ගමන් බදින්න උනා. මම ලන්ඩන් අවා. වරුනි කැම්පස් තේරුනා. ඒත් තෙරුනේ යාපනේට. තාම පටන්ගෙන නම් නෑ කිව්ව.

ශෂියට ඉතින් ඒ බැදපු අය්ය වැඩිය එහෙ මෙහෙ යන්න් දෙන්නෙ නෑ තනියම. මම ලන්කාවට ගියහමත් එකම එක පාරයි අපේ ගෙදර අවෙ. මට නම් තරහත් එක්ක.
මම ලන්කාවෙන් එන්න සතියක් විතර තියල කෙල්ල කත කරල කිව්ව බබෙක් හම්බෙන්න ඉන්නව කියල. මම ඇඩුවා. එකි බදින් දවසෙත් අපි තුන්දෙනා බදාගෙන හොදටම අඩුවා. ඒත් දැන් කෙල්ලට හොදයි. තාම පොඩියි කියල මට හිතුනට.

13 comments:

  1. මම හිතාගෙන හිටියේ මේවගේ වැඩකරන්නේ කොල්ලෝ විතරයි කියලා . හි හි .

    ඉස්කෝලේ අමතක කරන්න කවදාවත්ම බෑ . ආයෙත් ඒකාලෙට යන්න බෑ කියලා මතක් වෙනකොට පුදුම දුකක් තමයි තියෙන්නේ .මොනවා කරන්නද

    ජයවේවා !!

    ReplyDelete
  2. කෙල්ලොත් හරි මෙහෙම කෙල්ලෝ හිකිස්. මරු

    ReplyDelete
  3. අර අහිංසක කෙල්ලව සබන් නැතිවම නාවලා මෙතන..දැන් එනවා ලස්සන කොරලා කියන්නත්...
    හපොයි මෙහෙමත් කෙල්ලෝ...

    ReplyDelete
  4. උදෙන්ම හොඳට හිනා උනා... මරු මරු

    ReplyDelete
  5. ඉස්කෝලේ ගිය කාලේ මතක් වුණා ආපහු. ලස්සනයි කතාව ....

    ReplyDelete
  6. හපොයි.... මෙහෙමත් කෙල්ලො...... හෙක් හෙක් හෙක්......

    ReplyDelete
  7. ශශී දැනගත්තනම් ඔයාට එදාම බබා හම්බවෙන්න තිබුනා. නියම කතාව.

    අතීත සැමරුම් කවදත් සුන්දරයි.

    හපෝ මතක් කරන්න එපා කෙල්ලො ගැන. මටත් ඉන්නවනේ අක්ක කෙනෙකුයි නංගි කෙනෙකුයි. වැඩේ කියන්නෙ මගේ නංගිගේ නමත් ශෂි . . . :)

    ReplyDelete
  8. කතාව ලස්සනයි. ඒත් අන්තිම ටික කියවද්දි දුක හිතුනා... ඒ කාලේ හිටි යාලුවො අද තැන් තැන් වල... හම්බවෙන්නෙ අවුරුදු ගානකින්...

    ReplyDelete
  9. නියම යාළුවෝ ටික. එහෙම යාළුවෝ හුඟාක් නැහැ. මටත් අපේ කට්ටියත් එක්ක කරපු පිස්සු වැඩ මතක් වුණා. ඒත් ඒවා දැන්ම ලියන්න බැහැ.

    ලිව්වොත් අපේ එවුන්ගෙන් මට ගුටි කන්න වෙනවා. ඒක තමා පළවෙනි හේතුව.

    දෙවෙනි එක ඒ කතා ඇහුවාම ඕවාට සම්බන්ධ අනිත් එවුන්ගෙන් අපේ සෙට් එකට හොඳ කෑමක් හම්බවෙනවා.

    ඒක නිසා අපි ඒකමතික තීරණයක් ගත්තා තව අවුරුදු 20 කින් ඒවා ප්‍රසිද්ධ කරන්න.

    ReplyDelete
  10. පවු වැඩ කරලා දැන් හිනා වෙනවා නේද? කොල්ලෙක් කරනාම කමක් නෑ. අපි හිතං හිටියට වැඩිය කෙල්ලේ දියුණුයිනේ. හ්ම් හ්ම් හොඳයි හොදයි...

    ලස්සනට කතා ලියන්න බෑ කිව්වට ඔය ලියලා තියෙන්නේ එලටම.

    ReplyDelete
  11. බැහැයි කිව්වට ඔය අපූරුවට ලියන්නේ. කවි විතරක් නෙවේ කතන්දරත් හොඳට ලියන්න පුළුවන්නේ...
    දිගටම ලියන්න..

    ReplyDelete
  12. හිහ් හී.. අන්න එහෙම තමා යාලුවොන්ට සලකන්න ඕනි.. ‍කතා ලියන්න බෑ කිව්වට මොකද මේ ලියලා තියෙන්නේ මරුවටම.... හික් හික්..

    මේ.. වරුණි ෂෂී.. අෆෝයි.. මගෙත් යාලුවෝ දෙන්නෙක් හිටියා.. පිස්සු චරිත දෙකක්.. ඒ දෙන්නා එක්ක නිතරම හිටි තව එක්කෙනෙකුත් හිටියා.. ඒ ඔයාවත්ද? (O_o)

    ReplyDelete
  13. after long tim im watchin ur blog....
    dont't knw y bt dat made tears on my eyes.....nywy Crazzzzzzzzzyyyy ha..... gud luck...

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...