25 November 2010

කියා යන්න


සඳ එලිය වගේ මුදු සිනහ සැලූ
මද පවන වගේ සිත සිසිල කෙරූ
බිඟු ගීත වගේ පේම් වදන් කියු
ආදරය කොහිද ඔබ එද කියු

ගිනි පුලිඟු වගේ රුදු බැලුම් හෙලා
සුලි සුලඟ වගේ සිත සසල කලා
මහ අකුණු වගේ නෙක බැනුම් දොඩා
ආදරය කොහිද ඔබ කියූ එදා

මහ වැස්සේ නිල් කුඩේ යට හිඳ
ඔබේ උණුසුමට මාව තුරුලු කර
වැහි බිඳු පිසලා හිස පිරිමදිමින්
කියා දුන්න සෙනෙහේ
දෙව් ලොවක මිහිර මැවුනේ

නිල ගගන තරම් සාගරය තරම්
මා ඔබට පිදුව සෙනෙහේ
කෙලෙසද මේ හැටි මා රිදවන්නේ
කියා යන්න මිහිරේ
දුක නැතිද ඔබට දැනුනේ...

3 comments:

  1. අදත් උදේම ලස්සන කවි ටිකක් කියෙව්වා. නියමයි, සීතල උදේම උනු උනු කෝපි එකක් බිව්වා වාගේ.

    ReplyDelete
  2. කියන්න දෙයක් නෑ ඇත්තෙන්ම ලස්සනයි ..ඔය ලස්සන කවි ගෙතීමේ හැකියාව හැමෝටම ලැබෙන්නේ නෑ ..

    ජයවේවා !!

    ReplyDelete
  3. ලියන්න විරහ ගීයක්!

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...