28 January 2011

මම ඉන්නෙමී




ඔබෙ සුසුම් මා කොපුලත වැදී
උණුසුමත් සුවඳත් තවරා යතී
ඔබෙ දෙනෙත් සර මා නෙත වැදී
ආදරය ගැන පවසතී
මේ රැය ගෙවන්නේ කෙළෙසදෝ මා
ඔබේ මතකය හද ඇතී
ඔබ ගැනම සිත විමසතී

හෙට නැඟෙන හිරු පමා ඇයිදෝ
මගේ සිත තැවුලෙනී
හෙට ඔබව හමුවේවිදෝ
මගේ සිත පැතුමකී
මගෙ අඳුරු ලොව ලහිරු ඔබදැයි
මගේ සිත විමසතී
මගෙ ලොවට ඔබ එලිය දෙනකම්
නෙතු අයා මම ඉන්නෙමී
එනතුරා ඔබ ඉන්නෙමී

7 comments:

  1. ලස්සනයි අක්කේ :)

    ReplyDelete
  2. ලස්සනයි අක්කේ :)

    ReplyDelete
  3. හිරු නැගුන ගමන්ම මේ ආදරේ දළුලාවි.

    ReplyDelete
  4. අප්පා මාර කේස් එකක්නේ...

    නියමයි...

    ReplyDelete
  5. ඇත්තටම ලස්සනයි ...හිරු එලිය වගේ

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...