කාටද මම කවි ලීවේ
එලිවැට සමකර,
කාටද මම හාදු දුන්නෙ
ලගට තුරුළු කර,
ඒ උනුසුම මා ලග ඉඳ
මා දල්වන විට,
ඇයි මේ හටි කවි ලියන්නෙ
මා රිදවන විට,
මේ තුන්ලොව ඔබ හැර
මට කවුරුද වෙනයම්,
මගෙ තුන් හිත ඔබ හැර
වෙන කාටද පවසම්,
ඒ දුක් කඳ දැන දැන ඔබ
රිදවන හැටි නම්
තනි උන මා හඩනවා හැර
කෙලෙසක ඉවසම්....
ඔබ හටවත් මගෙ හදවත
වැටහෙන් නැතිනම්,
ඒ හදවත දෝතට ගෙන
මා වැලපෙන්නම්
මගෙ හදවත අරගෙන ගියෙ
දුක් දෙන්නටනම්,
සැපතකි මට ඊට වඩා
මා මියැදේ නම්...............
:)..dis is soo good..keep up da good works....
ReplyDeleteලස්සන පද පෙළක්.....
ReplyDeleteහේමලයත් ඉතින් මල ලග සමණලයා වගේ ලස්සන පද තියෙන තැන් වලම ගැවසෙනව නේද...
ReplyDeleteහාබෑටම ලස්සනයි..
බොහෝම ස්තුතියි...
ReplyDeleteපද පෙල කියවල
ඒ ගැන කිව්වට..
හදවත දෝතට ගෙන වැලපෙන්නම්...
ReplyDeleteපුලුවන් නම් මියෙන්න නොදි ඔක්සිජන් දෙන්න
නැත්තම්
දිය යුත්තේ පාංශකූලය නොවද..?
ගොඩක් ලස්සනයි...