ඈත ඉස්සර දවසක,
වැහි පොද අතරේ
හිරු රැස් දහරේ
තුරු ගොමු සෙවනේ අපි දෙන්නා...
දුරස් නොවී එක බිඳක්වත්
ආදරෙන් හිටියා.
ඈත ඉස්සර දවසක,
ඒ තුරු සෙවනේ
පෙම් මල් පිපුනා අපි වෙනුවෙන්
පෙම් ගී ගැයුනා අපි වෙනුවෙන්
දුරස් නොවී අපි බිඳක්වත්
ආදරෙන් හිටියා.
ඈත ඉස්සර ඒ දවස,
සිහිනයකි බොඳ නොවන
යලි යලිත් නෙත දිලෙන
සිහිනයකි බොඳ නොවන
දුරස් නොවී අපි බිඳක්වත්
ආදරෙන් හිටියා වගේ
අදත් එහෙමයි, එදා වගෙමයි
බොඳ නොවන අපෙ ආදරේ
අප හමුවූ එතුරු වියන...
ReplyDeleteඅද පාලුව ඇති අන්දම......
දකින දාට
නැතිද උඹට දුකක් දැනෙන්නේ.....
හදපාමුල දුක උතුරා දෝර ගලන්නේ......