21 January 2011

ආදරය පුදන්නම් මහමෙර සේ ලඟින් හිදින්නම් හිරු සඳු සේ


මහ රැයක් වගේ මා අඳුරුයි නම්
සඳ එලිය වගේ ඔබ නුදුරුයි නම්
විල් දියේ පිපුන මා නෙලුමක් නම්
මා වටා රඟන බඹරිඳු ඔබ නම්
ආදරය පුදන්නම් මහමෙර සේ
ලඟින් ඉදින්නම් හිරු සඳු සේ

සඳ එලිය වගේ ඔබ නුදුරුයි නම්
අමාවකට බැස නොයනවනම්
මා වට රඟන බඹරිඳු ඔබ නම්
ඔය තුඩඟින් මට නොරිදයි නම්
ආදරය පුදන්නම් මහමෙර සේ
ලඟින් හිදින්නම් හිරු සඳු සේ

සිතින් ගතින් මට නුදුරුයි නම්
දෙනෙත් දෙතොල් මට නුදුරුයි නම්
සසර පුරාවට ඔබ මගේම නම්
ආදරය පුදන්නම් මහමෙර සේ
ලඟින් හිදින්නම් හිරු සඳු සේ

3 comments:

  1. හ්ම්ම්ම්ම් ලස්සනයි අක්කේ :)

    ReplyDelete
  2. ඇත්තටම ලස්සනයි ..

    ReplyDelete
  3. ---ආදරය පුදන්නම් මහමෙර සේ
    ලඟින් ඉදින්නම් හිරු සඳු සේ --- කියන වාක්‍ය දෙ‍කේ මාර ගැම්මක් තියෙනවා.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...