9 February 2011

වසන්තේ


අඳුරු සීතල සමය නිමවී
උදා වෙයි නව වසන්තේ
සිතුම් ලියලන හැඟුම් පුබුදන
සුපෙම්බර වූ වසන්තේ

සියොත් කැළ පෙමින් බැඳෙනා
ගීත ගයනා වසන්තේ
සුපෙම් මල් තැනින් තැන
පිපී හිනැහෙන වසන්තේ

මගෙත් ඔබගෙත් ප්‍රේම ලෝකෙට
ළහිරු නැඟෙනා වසන්තේ
එ'හිරු කිරණින් පිපී සපුමල්
සුවඳ හමනා වසන්තේ

දෑත් යුග පටලවා අනන්තය වෙන තුරා
ඇවිද යමු අපි වසන්තේ
දුක් සුසුම් නැති අපේ ලෝකෙට
සිනා ගෙනෙනා වසන්තේ

4 comments:

  1. හිතට වදින්නම ලියලා තියේ අක්කා. දිගටම ලියමු

    ReplyDelete
  2. හිතට වදින්නම ලියලා තියේ අක්කා. දිගටම ලියමු

    ReplyDelete
  3. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්

    ReplyDelete
  4. නියමයි ආ...

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...