20 August 2012

ඔබ ගියදා......

















ඈත ඔබ දුර ඈත ගියදා
මගේ සිත ගිනි ලොවක දැවුනා,
නිවාගන්නට බැරිව තනිකම
කඳුල ගින්නට පාර කිව්වා.......

මහ රෑක සඳ පෑයු දිනකදි
සඳට මම මගේ දුකම කිව්වා,
සීත පවනට ඔබ සොයාගෙන
ඔබෙ සුවඳ ගෙන එන්න කිව්වා.....

විඩාබර මගෙ දෑස් වැසුවෙමි
සිහිනයක් වී ඔබම පෙනුනා,
දින ඉගිල්ලුනි ඔබ උන්නු කල
ඒත් ඇයි දැන් හෙමින් සිතුනා...........

6 comments:

  1. ලස්සනයි...

    ReplyDelete
  2. කාලෙකට පස්සෙ එළි බැහැලා තියෙන්නේ.. ඔලිම්පික් ඉවර වෙලා, තව සමහරුත් නැතිව ඉද්දි වගේ කවි සංකල්පනා පහල වෙන්නේ...

    ReplyDelete
  3. මෙයා ඉස්සර කවි ලිව්වා වගේ මතකයි...... :D

    ReplyDelete
  4. ලස්සනයි :)

    ReplyDelete
  5. හරිම අපූරුයි...

    ReplyDelete
  6. ලග ඉන්නකං කල් ගතවෙනවා තේරෙන්නේ නැතිවෙලා ....

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...