23 July 2010

රිදුනු සිත.....


අහස සේ නිසලයි සිතුවෙමි,
අසනි වැසි වටෙනා තුරා....
සුවඳ සේ නොවෙනස් යැයි සිතුවෙමි,
මලේ පෙති ගිලිහෙන තුරා......
මද පවන සේ යැයි සිතා සිටියෙමි,
ඒ පවන වුව නවතින තුරා.....
ප්‍රේමය මනරම් වේයැයි සිතුවෙමි,
මගේ සිත ඔබ රිදවන තුරා......

මසිත අහසට මුදු කැළුම් සේ
එලිය දේ යැයි සිත සිටියෙමි,
නමුදු ඔබ විත් චන්ඩ හිරු සේ ...
මසිත අහසම දවාළු හැටි.

මහද දෙවොලම ඔබට කැපකර
ඔබේ සෙනෙහස අයැද සිටියෙමි
දෙවොල සුන් වී දසත විසිරී....
මගේ හදවත බිඳී ගිය හැටි.

2 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. නිර්මානය දැක්කම මතක්වුනේ මේ පද පෙළ..

    උපරිමයි...තව ලියන්න..


    අහස නුඹ මෙතරම් සැඩ යැයි
    දැනුනෙ මහ වැසි වැටුනාමයි
    පොළොව නුඹ මෙතරම් රළු යැයි
    හැඟුනෙ නියගය ආවාමයි..//

    රෑට තරු ඉසිනා අහසට
    අඳුරු සිත් ලැබුනේ කොහොමද
    නේක මල් සදනා පොළොවට
    නපුරු සිත් කොයිඹින් ලැබුනිද...

    අහස නුඹ මෙතරම්...//

    නීල ඉදුවර පෑ අහසට
    කදුළු වැසි දුන්නේ කවුරුද...//
    පලා පෑ ඉසි ලූ මිහිමත
    නියන් ඇති රූ වුයේ කවුරුද...

    අහස නූඹ මෙතරම්...//

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...