මියෙන පෙම..

කාටද මම කවි ලීවේ
එලිවැට සමකර,
කාටද මම හාදු දුන්නෙ
ලගට තුරුළු කර,
ඒ උනුසුම මා ලග ඉඳ
මා දල්වන විට,
ඇයි මේ හටි කවි ලියන්නෙ
මා රිදවන විට,

මේ තුන්ලොව ඔබ හැර
මට කවුරුද වෙනයම්,
මගෙ තුන් හිත ඔබ හැර
වෙන කාටද පවසම්,
ඒ දුක් කඳ දැන දැන ඔබ
රිදවන හැටි නම්
තනි උන මා හඩනවා හැර
කෙලෙසක ඉවසම්....

ඔබ හටවත් මගෙ හදවත
වැටහෙන් නැතිනම්,
ඒ හදවත දෝතට ගෙන
මා වැලපෙන්නම්
මගෙ හදවත අරගෙන ගියෙ
දුක් දෙන්නටනම්,
සැපතකි මට ඊට වඩා
මා මියැදේ නම්...............







5 comments:

  1. :)..dis is soo good..keep up da good works....

    ReplyDelete
  2. ලස්සන පද පෙළක්.....

    ReplyDelete
  3. හේමලයත් ඉතින් මල ලග සමණලයා වගේ ලස්සන පද තියෙන තැන් වලම ගැවසෙනව නේද...

    හාබෑටම ලස්සනයි..

    ReplyDelete
  4. බොහෝම ස්තුතියි...
    පද පෙල කියවල
    ඒ ගැන කිව්වට..

    ReplyDelete
  5. හදවත දෝතට ගෙන වැලපෙන්නම්...

    පුලුවන් නම් මියෙන්න නොදි ඔක්සිජන් දෙන්න
    නැත්තම්
    දිය යුත්තේ පාංශකූලය නොවද..?

    ගොඩක් ලස්සනයි...

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...