2 August 2010

ඔයා...


ඔයා මට දෑතම දුන්නම
මට ආදරෙයි කියලා,
මගේ මුළු ලෝකෙම
එකම සැණකෙළියක් කරලා,
හුස්ම ගන්නත් බැරි උනා මට
මම දකින්නෙම හීනයක් කියලා...

ඔයා මට දෑතම දුන්නම
ඉගිල්ලෙමු අනන්තයටම කියලා,
නොසිතාම දෙසරයක්
අතගත්ත ඉගිල්ලෙමු කියලා,
දැන දැනත් ඉගිලෙන්න
පියාපත් මට නෑ කියලා...

ඔයා මට මුලු ලෝකයක් පෙන්නලා
අනන්ත අහසේ මා එක්ක ඉගිල්ලිලා
එක සැරේ .....
නැවතුනා...... ඔයා...

සත්තකයි, හිතුවෙ නෑ
මගේ අත අතහරියි කියලා,
අනන්ත අහසේ ඉදන්
ඔයා පෙන්නපු ලෝකෙම කඩාගෙන,
මම වැටුනා....
මහ පොලවට....
ඔයා...
ඉගිල්ලිලා යන්න ගිහින්.

මම තාම ඔයා එනකම්,
ඔයා දුන්නු හීනත් අත දරන්,
දෑස කඳුළින් තෙත් කරන්,
බලා ඉන්නවා........

3 comments:

  1. හැඟුම්බර පද ටිකක්.....

    ReplyDelete
  2. ඔය කියන ඔයා..මාරයිනෙ මෙයා...

    ReplyDelete
  3. ම්ම්ම්ම්ම්ම්.......

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...