10 August 2010

ඔබ....


නිසංසල රාත්‍රියේ
තාරකා පාලුවේ,
ඔබ නොමැති මේ රැයේ
මගෙ සිතත් පාලුවේ.

මගේ නෙතු ලඟ ඔබ නොමති විට
එකම මොහොතද කල්පයකි මට,
ඔබේ උණුසුම මට නොදැනෙන විට
මගේ සුසුමද සීත වෙයි මට.

ආදරෙන් මට ලං වෙලා
ඔබේ දෑතින් මා වෙලා
ඔබේ ලමැදේ හොවාලයි නම්,
හිඳින්නෙමි මම නෙත් පියා
කල්පාන්තය වන තුරා...

2 comments:

  1. ආදරණීය සිතුවිල්ලක්......

    ReplyDelete
  2. අපූරුයි.. ලස්සන පද ගැලපුමක්!

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...