13 August 2010

ඉකිබිඳ වැලපෙයි...


රැයක් පුරාවට ඉඟිකරමින් හිද
කාටත් නොකියම සඳ බැස ගිය සඳ
ඉකිබිඳ වැලපෙයි තනි උන තරු මල

සියපත පුබුදා නැඟ ආ රිවි සර
සියපත හකුලා නොපෙනී ගිය සඳ
ඉකිබිඳ වැලපෙයි මුකුලිත සියපත

හිරු සඳු අද නෑ අඳුරුයි මගෙ ලොව
ඔබ මා අතහැර යන්නට ගිය සඳ
ඉකිබිඳ වැලපෙයි බිඳුණු මගේ සිත.

3 comments:

  1. හිරු සඳු නැති හිත් අහසේ තරු දාස් ගානක් තිබ්බත් අඳුර නොමැකෙන හැටි......

    ReplyDelete
  2. "සියපත පුබුදා නැඟ ආ රිවි සර
    සියපත හකුලා නොපෙනී ගිය සඳ
    ඉකිබිඳ වැලපෙයි මුකුලිත සියපත"

    නියමයි...

    ReplyDelete
  3. අද තමයි මේ බ්ලොග් එක දැක්කේ මුලින්ම. මගේ බ්ලොග් එකේ දාපු කොමෙන්ට් එක හරහා ආවෙ. ලස්සන අදහස් ටිකක්... ඔක්කොම නැතත් පෝස්ට් කීපයක්ම බැලුවා.... දිගටම් ලියමු.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...