10 November 2010

මට බැරි හැටි..


උමතු වෙලා හිත
දුක වැඩි හින්දම.
දෙනෙත රතු වෙලා
කඳුලැලි හින්දම.
සිහින බොඳ වෙලා
රැවටුන හින්දම.
විරහ ඇති වෙලා
ආදරෙ හින්දම.


පිරිමින් සිතිවිලි
නොහඳුනනා හැටි,
ආදරේ කල සිත
තලා පෙලන හැටි,
යලි ඉපදුන ලෙස
හිනැහී යන හැටි,
ඒ ලෙස මා හට
ඉන්නට බැරි හැටි...

5 comments:

  1. ලෝකයේ ඉන්න හැම පිරිමියාම එක වගේ නෑ .ඒ වගේම
    හදවතින්ම කරන ආදරයකදී පමනයි දුක දැනෙන්නේ.

    පද වැල ලස්සනයි හැඟුම්බරයි !

    ජයවේවා !

    ReplyDelete
  2. හ්ම්....
    සුදු නංගිට වැරදිලා,
    හැම කෙනාම එක වෙලා...
    තව චුට්ටක් හිතුවොතින්,
    ​තේරෙයි හරි දේ ඉතා.

    පිරිමින් හැම එක කුලෙකෙට,
    දාන්න තරමට රිදුනද?
    නුඹේ පුංචි සියුමැලි සිත...
    අනේ නංගි හිරු පුභා...!

    ReplyDelete
  3. පිරිමින්, ගැහැනුන්
    ඇතැමුන් ඔහොමයි
    තලා පෙලා සිත
    දිවයයි වෙනතක
    හදා ගන්න සිත
    දිරි ගත යුතු වෙත.

    ReplyDelete
  4. පිරිමින්, ගැහැනුන්
    ඇතැමුන් ඔහොමයි
    තලා පෙලා සිත
    දිවයයි වෙනතක
    හදා ගන්න සිත
    දිරි ගත යුතු වෙත.

    ReplyDelete
  5. සරලයි.. ලස්සනයි.. හැඟුම්බරයි..

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...