17 November 2010

බලා ඉමි......



ඈත සීතල කොදෙව්වේ
නීල දිය ඇලි දනව්වෙ
සීත මීදුම් තුරුල්ලේ
ගීත නද දෙයි කොවුල්ගේ

පාට මල් ඇත නිදැල්ලේ
රූං නංවයි බිඟුන්ගේ
තාම කොඳුරයි ඇසිල්ලේ
දෑස පසුවෙයි සෙවිල්ලේ

ප්‍රේම දලුලන වසන්තේ
ආව හැටි සිත ඉපිල්ලේ
ප්‍රේම කරනට සිතූසේ
බලා ඉමි මා කැදැල්ලේ

5 comments:

  1. hehe...ඇති යන්තම්..

    ReplyDelete
  2. ම්..ම්.. රසයි... අහ්.. වැරදුනා... ලස්සනයි...

    ReplyDelete
  3. තවත් සුන්දර බ්ලොග් කවි කරුවෙක්!, සුබ පැතුම්, ඔහොම යමු, ඔහොම යමු!

    ReplyDelete
  4. බලා හිටියොත් කදෑල්ලේ
    ඉන්ට හෑකි වෙයි නිදෑල්ලේ
    ප්‍රමාදය පසු තෑවිල්ලේ
    හෙතුවයි දුක් විදිල්ලේ

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...