මියෙන පෙම..

කාටද මම කවි ලීවේ
එලිවැට සමකර,
කාටද මම හාදු දුන්නෙ
ලගට තුරුළු කර,
ඒ උනුසුම මා ලග ඉඳ
මා දල්වන විට,
ඇයි මේ හටි කවි ලියන්නෙ
මා රිදවන විට,

මේ තුන්ලොව ඔබ හැර
මට කවුරුද වෙනයම්,
මගෙ තුන් හිත ඔබ හැර
වෙන කාටද පවසම්,
ඒ දුක් කඳ දැන දැන ඔබ
රිදවන හැටි නම්
තනි උන මා හඩනවා හැර
කෙලෙසක ඉවසම්....

ඔබ හටවත් මගෙ හදවත
වැටහෙන් නැතිනම්,
ඒ හදවත දෝතට ගෙන
මා වැලපෙන්නම්
මගෙ හදවත අරගෙන ගියෙ
දුක් දෙන්නටනම්,
සැපතකි මට ඊට වඩා
මා මියැදේ නම්...............







සොඳුරු ප්‍රේමය


කල්පනා ලොව කිමිදෙමී
සිහින ලෝකෙක පාවෙමී
ඔබත් මමත් පමනක් හිඳිනා..
සොඳුරු මොහොතක තනිවෙමී
නෙත් පියාගෙන තනිවෙමී.....

නෙත් වලින් මට හිනා වී
ආදරය ගැන කියා දී
මගේ හදවත ඔබ ගත් හැටී...
මට හොරා ඔබ ගත් හැටී.

හිදින්නෙමි මම වෙන් නොවී
මගේ ප්‍රේමය නිම් නැතී
ඔබත් මමත් පමනක් හිඳිනා
අපේ ලෝකය අදරැතී......
සුර ලොවක සැප එහි ඇතී.......


ආදර සයුර


ආදරයේ ඇති ගැඹුර මනින්නට,
ඔබේ දෑසට එබෙමී
ඒ ගැඹුරේ හුදකලා වෙමී.....

ආදරයේ ඇති උණුසුම ලබනට,
ඔබේ නලලත සිඹිමී
ඒ උනුසුම මා වෙලා ගනී....

ආදරයේ ඇති සුවය දැනෙන්නට,
නෙතු පිය යට ඔබ තබා ගමී
නෙතුපිය වැසුවද ඔබ ලඟම හිඳී.....

ආදරයට ආදරය කරන්නෙමි,
මා හද ආදර සයුර මෙනී
අනන්ත ආදර සරැළි හිමී...............

හුදකලා අවුරුද්ද.......


අහසෙත් පොලවෙත් මල් වහි වස්සන
වසන්තයෙ සෑණකෙලිය ලගයි
අවුරුදු අවත් රට පුබුදන්නට
ඔබ ලග නෑති අවුරුද්ද දුකයි........

කොහො ගයපන් මගේ ගීතය
අපේ අඹ ගසකට වෙලා
ගිහින් කියපන් මගේ ආලය
හිත පුරා ඈති හිර වෙලා..........

එනවනම් මද සුලග මා වෙත
අම්මගේ සුසුවද අරන්
මම හිදිනම් හිත හදාගෙන
එ සුවද තුරලට කරන්..............

මම නාඩා ඉන්නම්....


ඔබ ඈත නිල් අහසෙ,
පුර සඳක් වී දිලෙන විට
ඒ ලඟින් තරුවක් වෙලා.....
අනේ මට ඉන්න ඇත්නම්.
ඔබ ලඟින් ඉන්න ඇත්නම්.

රිදී වෙරලක් වෙලා ඔබ,
සයුර ඉම හිදින විට
සයුරු රළ සේ දිව එන්න....
අනේ,මට හැකි නම්.
ඔබේ වත සිප ගන්න හැකි නම්.

මට දුරින්, බොහො දුරින්
ඔබ හිදින විට ඈතකින්
මදනලක් වී ඔබ වෙතට....
එන්න මට හැකි නම්,
ඔබෙ සුවද මා එක්ක ගෙනියන්න හැකි නම්.....

සත්තකයි අම්මෙ,
මම නාඩා ඉන්නම්....
ඔබෙ සුවද මා එක්ක ගෙනියන්න හැකි නම්.....

රිදුනු සිත.....


අහස සේ නිසලයි සිතුවෙමි,
අසනි වැසි වටෙනා තුරා....
සුවඳ සේ නොවෙනස් යැයි සිතුවෙමි,
මලේ පෙති ගිලිහෙන තුරා......
මද පවන සේ යැයි සිතා සිටියෙමි,
ඒ පවන වුව නවතින තුරා.....
ප්‍රේමය මනරම් වේයැයි සිතුවෙමි,
මගේ සිත ඔබ රිදවන තුරා......

මසිත අහසට මුදු කැළුම් සේ
එලිය දේ යැයි සිත සිටියෙමි,
නමුදු ඔබ විත් චන්ඩ හිරු සේ ...
මසිත අහසම දවාළු හැටි.

මහද දෙවොලම ඔබට කැපකර
ඔබේ සෙනෙහස අයැද සිටියෙමි
දෙවොල සුන් වී දසත විසිරී....
මගේ හදවත බිඳී ගිය හැටි.
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...