ලොවම නිදනා රාත්‍රියේ
යහන බොඳකර
මා හෙලනා කඳුලැල්,
කිසි දිනයක ඔබ
වටහා ගනු නැත
මා හෙලනා කඳුලැල්,
ඔබේ රුව දැක
දිලි දිලී ආ
මගේ සිනා හසරැල්,
මගේ දෙනෙතේ
මතු නොවේ යලි
ඒ සිනා හසරැල්,
සිනා සලමින්
තිබු දෙනයන
බොඳ කරපු කඳුලැල්,
පෙම නමින් ඔබ
ඇයිද ගත්තේ
මගෙ ලොවේ හසරැල්.....
අපූරුයි
ReplyDeleteලසනම් ලසන් පද පෙලක්
ReplyDeleteපිසලන්න කඳුලැල්...
ReplyDeleteපෙන්නවන්න හසරැල්...
මුළු ලොවම ඔබ සමග...
හිනැහෙනු ඇත දිනෙක..
හිරු ප්‍රභා මෙක හරිම ලස්සනයි, තෙරුම්ගන්න පුලුවන්, ලස්සනට ලියලා තියනවා. මෙවා ගෙ දෙවල් බලද්දි අපිව මත්වෙනවා.. හා.. හා..
ReplyDeleteඅනේ අයියලා... බොහොම ස්තුතියි මේ පැත්තෙ ආවට.
ReplyDelete