28 September 2010

වදින්න ගිය හැටි සුමන සමන්


වැලි පාර දිගේ නිල් නෙළුම් අරන්
වදින්න ගිය හැටි අපි සුමන සමන්
අත් යුග පටලා ගල් පඩි නැගලා
වදින්න ගිය හැටි අපි සුමන සමන්

දෙව් රුව අභියස නෙළුම් තියා
දෙනෙත් පියා අපි පැතූ පැතුම්
සංසාරෙම වෙන් නොවී හිදින්නට
දෙනෙත් පියා අපි පැතූ පැතුම්

දෑගිලි විසිරී නෙත් යුග බොදවී
තනිවී වදිනෙමි සුමන සමන්
නොලැබෙන පැතුමක් සිතින් දරාගෙන
තනිවී වදිනෙමි සුමන සමන්

2 comments:

  1. හරිම ලස්සන නිර්මානයක්...තවත් මෙ වගෙ ලියන්න...සුභපැතුම්....

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...