13 December 2010

ගැඹුරුම තැන


බොහෝ කාලෙකින් කවි නොලී හින්දම
මගෙ හිතත් පාලුවෙන් හින්දම
අපේ ආදරේ ගැඹුරුම තැන ගැන
ලියන්නට යමි පන්හිඳෙන් මම

කොහේද කොතැනද නොපෙනුනත් එය
දෙසිත අපෙ ඒ ගැඹුරේ ගිලී ඇත
වෙන් නොවෙන සේ සිත් වෙලී ඇත
ගලක වූ කැටයමක් විලසින

කිසිවෙකුගේ නෙත් යා නොවන හින්දම
ඒ ගැඹුර පිවිතුරුය පුන් සඳක් වාගෙම
කිසිම දෑතක් නොගැටෙන හින්දම
ඒ ගැඹුර පැහැදිලිය නිල් විලක් වාගේම

ගැඹුරු වූ අප ආදර විලේ
ප්‍රේමයේ සියපත් පිපේ
ආදරෙන් බැදි අප ජීවිතේ
එසුවඳින් මිහිරි වේ..

5 comments:

  1. තෙලිතුඩින් අදින්නෙ චිත්‍ර..... කවි ලියන්නෙ නෑ.. අන්තිම ටික හබස් ගාලා කලින්ම ඉවර කලේ මොකෝ.....

    ReplyDelete
  2. කව්ද තෙලිතුඩින් කියල ලියල තියෙන්නේ....මට එහෙම එකක් පෙනෙන්නේ නැතෝ

    ReplyDelete
  3. ආදරයයනු...
    හදේ ගුඹුරුම තැනක..
    ගැඹුරින්ම උපදින...
    ගැඹුරුම සිතිවිල්ලකි.

    ReplyDelete
  4. හිරු එබී හිනැහෙන තනිකමට
    නුඹට ලැබුන ඒ සොඳුරු වස්තුව
    ආදරෙන් පනමෙන් රැකෙන්නට
    පතමි ආසිරි මේ ලෙසින්...

    ReplyDelete
  5. බැසයන හිරු මෙන් ලස්සන අඩුවක් නෑ අදත් ..

    ජයවේවා !!

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...