සඳ නැගෙන තුරු අහස් තලයට
මලක් පිබිදී ඇත බලා,
නුබ පුරාවට හඳ පෑවුවට
සඳට කම්නැත මල දිහා......
සඳ ඇවිත් හෙමි හෙමින් අහසට
තරු එක්ක දඟකර සිනා,
හනික බැසයයි තරුත් එක්කම
සඳට නැහැ මල ගැන වෙලා....
නෙතු කඳුළු විත් මලේ පෙති මත
සැළී දිළිසෙයි සඳ නිසා,
ඉකිබිඳින මල සඳට නෑසෙයි
සඳට කඳුලද පිනි නිසා...
හිතට රිදුනද කඳුළු පිරුනද
මලේ නෙතු ඇත සඳ අරා,
කිසිම දිනකදි නොබැලුවත් සඳ
මල හිඳී අහසම බලා.....
නයිස් 1............
ReplyDeleteනයිස් 1
ReplyDeleteඅගෙයි!
ReplyDeleteලියන්නේ නැතිද දැන්?
ReplyDelete