හිතට දැනෙන දුක නිවනා
මගේ පන්හිඳ වියලුනාම
කොහෙදෝ සිට ඔබ ඇවිදින්
මට පෙම් පන්හිඳක් දුන්න
මගේ සපුමල ඒ පන්හිඳ
කවි පබඳී ඔබේ ගැනම,
ඔබ ඇවිදින් ගියපු විටදි
සිත පාලුයි දරනු නොහැකි
මගෙ සපුමල ඔබේ සුවඳ
මගේ ලඟින් තියා යන්න
මගෙ තනියනට මගේ ලඟින්
ඔබ එනතුරු බලා ඉන්න.....
හොරෙන් හොරෙන් නිතර බලන
ඉදල හිටල කතාකරන
මගේ සපුමල ඔය නෙත් වල
කැළ්ම බිඳක් තියා යන්න
ඔබ එනතුරු ඒ කැළ්මෙන්
මට පුලුවනි මඟ බලන්න...
ඔබේ ලඟින් හිඳින විටදි
මෙමට දැනෙන සුසුම් රැල්ල
මගෙ සපුමල එහි උනුසුම
මගෙ උවනේ තවරා යන්න
ඔබ එනතුරු මේ සීතල
ඒ සුසුමින් වලකගන්න...
කාලෙකට පස්සෙ එලියට බැහැලා තියෙන්නේ...
ReplyDeleteලස්සනට ලියලා තියනවා .....
ReplyDeleteඑතකොට කවුද මේ සපුමල .....
ගොඩ කාලෙකින්!
ReplyDeleteඅම්මෝ කිවිසුමක් ගියා බ්ලොහේ දූවිලි පිහලා නේ
ReplyDeleteකාලෙකින් ලහිරුට මේ පැත්ත මතක් වෙලා තියෙන්නේ....
ReplyDeleteවෙනදා වගේම ලස්සනයි..
අළුත් බ්ලොග් කාරියෙක්ද ?
ReplyDelete