1 August 2010

පියාපත්......


මට ඕනි නෑ තනි වෙන්න,
තනි වෙලා වැලපෙන්න.
මට ඕනි ඉගිලෙන්න,
ඉගිලිලා ඔබ වෙත එන්න.

උනුසුමට දැවටෙන්න,
ඒ සුවද විඳගන්න,
ආදරෙන් හිනැහෙන්න,
ප්‍රීතියෙන් ඉපිලෙන්න,

අනේ! මට ඉගිලෙන්න
ඉගිලිලා ඔබ වෙත එන්න
ඇයි අම්මෙ දුන්නැත්තෙ
පියාපත් මට දිග හැරෙන.......

2 comments:

  1. පියාපත් ගෙන ඉගිලෙන ගියොතින්
    නොදන්නා මේ සිත් ඉමේ
    හති වැටී නුඹ දිනෙක තනිවෙයි
    නොහඩන්න මගෙ දෝණියේ

    ReplyDelete
  2. ඕනි නැ ඉගිලෙන්න
    නොදන්නා මේ සිත් ඉමේ..
    මට ඕනි ඉගිලෙන්න
    අම්මා ගාවට මගේ..
    මම ඉන්නෙ තනිවෙලා
    දුර ඈත සීතල රටේ...
    මට ඕනි ඉගිලෙන්න
    අම්මා ගාවට මගේ..

    තුති පුදමි ඔබට මම
    දුන්න ඔවදන අගේ...
    කියවන්න තවත් කවි
    ආධුනික මේ මගේ....

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...