2 November 2010

සුවඳ රෝස මල....



රෝස පැහැය පිරී තියන
සුවඳ රෝස මල....
රේණු අතරෙ පැණි පිරවූ
සුවඳ රෝස මල....
කටු අතරින් උඩට ඇවිත්
පිපුන රෝස මල....
අම්මේ ඔබේ රෝස පඳුරෙ
පිපුන රෝස මල...

දුටු දුටුවන් සිත පිනවූ
හැඩැති රෝස මල...
වන බඹරුන් තුඩ නොතියූ
කැකුළු රෝස මල...
හැඩැති පැහැති සුවඳ හමන
ආඩම්බර මල...
චූටි නංඟි ඔබ අම්මගේ
පණ වැනි පොඩි මල....

3 comments:

  1. වා.............ව් මාර ලස්සනයි.....මාර මචන ගැලපීමක්...උපරිමයි.

    ReplyDelete
  2. ලස්සන සංකල්පනාවක් !!!!

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...