කවියක් මොටද එලිසමයක්
නොමැති කොට..
තුරු හිස මොටද අතු අඟ මල්
නොමැති කොට..
නදියක් මොටද දිව යන මින්
නොමැති කොට..
මට මා මොටද මා ලඟ ඔබ
නොමැති කොට..
හසරැලි මොටද ඔබගේ පෙම
නොමැති කොට..
කවි කම මොටද අපි ගැන කවි
නොමැති කොට..
සිතිවිලි මොටද සිත මගේ මට
නොමැති කොට..
මට ඔබ මොටද මා ලඟ ඔබ
නොමැති කොට..
ප්‍රේමය මොටද පෙම් කවි ගී
නොමැති කොට..
ප්‍රේමය මොටද දුක ලඟ ඔබ
නොමැති කොට..
ප්‍රේමය මොටද රැකවරණය
නොමැති කොට..
මට ඔබ මොටද මේ කිසිවක්
නොමැති කොට..
වැලපෙනු මොටද ඔබ වැලපී
නොමැති කොට..
දුක් වෙනු මොටද ඔබ දුක් වී
නොමැති කොට..
තනි වෙනු මොටද ඔබ තනි වී
නොමැති කොට..
නොනිදනු මොටද සිහිනය නිම
නොමැති කොට..
ඇස් දෙක මොටද මේ කවි ටික
ReplyDeleteනොදුටු විට...
මගේ හිත මොටද මේ සිතුලිවි
නොමැති විට...
තව බ්ලොග් මොටද මේ වන් බ්ලොග්
තියෙන විට...
බ්ලොග් අහසම මොටද මේ වැනි බ්ලොග්
නොමැති විට...
අප්පේ ලස්සනයි... ලස්සනයි....
වා.....ව්.....මාරයි අනේ... මාරම ලස්සනයි
ReplyDeleteසහතික ඇත්ත!
ReplyDeleteIn our life we cry for people, who don't care about us..
ReplyDeletewe don't care about the people who cry for us..
So best would be stop crying for past be happy about who you are at this very moment...
Nice poem..as usual.
/G
මාරම ගති !
ReplyDeleteඇත්තටම ලස්සනයි ....
මේ පැතේ ආවට පාඩුවක් නම් උනේ නෑ !
ජයවේවා !!