19 November 2010

ඕනි නෑ


මට ඕනි නෑ ඔබ දකින්නට
කිසි දිනක යලි ඔබ දකින්නට
ඔබව දුටු විට මසිත රිදෙන හින්දා

මට ඕනි නෑ ඔබ දකින්නට
ඔබේ නෙත් යුග දෙස බලන්නට
ඔබේ නෙතු මගේ නෙත්
වෙලා තිබුන හින්දා

මට ඕනි නෑ ඔබ දකින්නට
ඔබේ සුසුවඳ මට දැනෙන්නට
ඔබේ සුවඳ මගෙ සුසුම
වෙලා තිබුන හින්දා

මට ඕනි නෑ ඔබ දකින්නට
ඔබේ තොල්පෙති දෙස බලන්නට
ඔබේ තොල්පෙති මගේ උණුසුම
වෙලා තිබුන හින්දා

මට ඕනි නෑ ඔබ දකින්නට
ඔබේ උවනත දෙස බලන්නට
ඔබේ උවන මට සිපගන්න
හිතෙන හින්දා

මට ඕනි නෑ ඔබ දකින්නට
කිසිදිනෙක යලි ඔබ දකින්නට
ඔබව දුටු විට මසිත රිදෙන හින්දා
අපිට අපි තව අයිති නැති හින්දා
අපේ ප්‍රේමය බිඳ වැටුනු හින්දා

6 comments:

  1. හලෝ මේ.... ඔයා කොයිතරම් එයාව දකින්න ඕනේ නෑ කිව්වත්.... ඔයාට එයාව දකින්න ඕනෙමයි...

    වෙනදා වගේම නියමයි ආ.... ඇත්තටම ලස්සනයි. සුභ පැතුම්, තව ලස්සනට ලියන්න.

    ReplyDelete
  2. Wirahawaka Randu Kapakireemak... Lassanai !

    ReplyDelete
  3. හැමදාම වගේ අදත් කියන්නේ ලස්සනයි......
    දුක්බර ගතියක්ද නැතුවාම නෙවේ ...

    ආයෙමත් හරිම ලස්සනයි

    ජයවේවා !!

    ReplyDelete
  4. ලස්සනයි.... ඒත් දුක හිතෙනවා

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...